කොස්ලන්ද, උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගිය යුවලකට වන අලි පහරදී ඉන් තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ප්‍රදේශය තුළ වන අලි ගැවසෙන බව දැන සිටියදීත් යුවලට කඳවුරු බැදීමට අවස්ථාව සලසා දීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා 33 සහ 24 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.
ඔවුන් හෙට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
උඩ දියලුම ප්‍රදේශයේ කඳවුරු බැදගෙන රාත්‍රිය ගත කරමින් සිටි යුවලක, තරුණිය ඊයේ(11) මියගොස් තිබෙනවා.
එහිදී තුවාල ලැබූ තරුණයා පොලීසියට පැවසුවේ, වන අලි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් තරුණිය මියගිය බවයි.
මියගිය තරුණිය 23 හැවිරිදි වියේ පසුවන මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.
තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කළා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…