දේශීය

UPDATE: උඩ දියලුමදී තරුණියක් මිය යාම: කඳවුරු හදන්න අවස්ථාව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට..

කොස්ලන්ද, උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගිය යුවලකට වන අලි පහරදී ඉන් තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ප්‍රදේශය තුළ වන අලි ගැවසෙන බව දැන සිටියදීත් යුවලට කඳවුරු බැදීමට අවස්ථාව සලසා දීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා 33 සහ 24 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.

ඔවුන් හෙට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උඩ දියලුම ප්‍රදේශයේ කඳවුරු බැදගෙන රාත්‍රිය ගත කරමින් සිටි යුවලක, තරුණිය ඊයේ(11) මියගොස් තිබෙනවා.

එහිදී තුවාල ලැබූ තරුණයා පොලීසියට පැවසුවේ, වන අලි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් තරුණිය මියගිය බවයි.

මියගිය තරුණිය 23 හැවිරිදි වියේ පසුවන මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කළා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

7 days ago