දේශීය

කෝටි 9ක ජීප් 6ක්, කෝටි 9ක රට සිගරට් සහ හොර මත්පැන් තොගයක් රේගුවෙන් අල්ලයි

නීති විරෝධීව මෙරටට ආනයනය කළ වාහන අමතර කොටස්, විදේශීය දුම්වැටි සහ මත්පැන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 18කට අධික බව රේගුව පවසනවා.

ඇදුම් වේළන මැෂිමක් තුළ සඟවා ගෙන්වන ලද රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් ඉක්ම වන වටිනාකමකින් යුත් චීන සිගරට් තොගයක් ඒ අතර වේ.

රෙදි සෝදන දියර ලෙස නම් කල බෝතල්වල පුරවා මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන්වල වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව සඳහන්.

කෝටි 09 ක වටිනාකමින් යුත් කොටස් කරන ලද මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 4ක් , සුබාරු වර්ගයේ ජීප් රථ 2 ක් සහ 250cc කාණ්ඩයේ මෝටර් බයිසිකල් 20 ක් ද ඒ අතර වන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

11 hours ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

17 hours ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago