file
බලංගොඩ, සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි වයස අවුරුදු 42 ක් වූ පුද්ගලයෙක් එම ප්‍රදේශයේ ලදු කැලෑ ප්‍රදේශයක සිටියදී හමුව ඇත.
මෙම අතුරුදහන් වීමට ප්‍රදේශයේ ජනතාව අතර සැකයක් ඇති පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර අදාළ සැකකාර පුද්ගලයා ඉකුත් 08 වනදා සමනලවත්ත ප්‍රදේශයේ දී අතුරුදහන්ව ඇති බව පසුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
ඒ අනුව
පොලිසිය විසින් නිල සුනඛයෙකු යොදවා සිදුකල විශේෂ මෙහෙයුමක දී අදාළ සැකකරු බලංගොඩ, දියවේල්, රාස්සගල ළදු කැලෑබද ප්‍රදේශයක සිටියදී ඊයේ (11) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
පළමුව අතුරුදහන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් තමන් සැකකරන බැවින් බියවී එම පුද්ගලයා ගැන තොරතුරක් ලද දිනක නැවත ගමට පැමිණීමේ අදහසින් ගමෙන් පලාගිය බවත් සැකකරු පවසා ඇත.
අද (12) සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පළමුව අතුරුදහන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…