දේශීය

කළුතර සිසුවියගේ අවසන් දුරකතන ඇමතුම ටියුෂන් ගුරුවරයෙකුට

16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරික්ෂණයට අනුව ඇය මිය යෑමට පෙර ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳව පරික්ෂණ අරඹා තිබේ.

ඒ අනුව ඇය හෝටලයේ ගත කළ අවසන් කාලසීමාවේ දී ඇය විසින් දුරකතන ඇමතුමක් ලබාගත් උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන් ඊයේ (10) පොලිසිය දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදුකර ඇත.

අදාළ ප්‍රශ්න කිරීමේ දී උපකාරක ගුරුවරයා මියගිය සිසුවිය හොදින් හඳුනන බව ප්‍රකාශ කර තිබේ.

ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීමේ දී සිසුවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

කෙසේවෙතත් සිසුවිය අවසානයට ගත් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් වෙනවා.

සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර සිටියේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව ලැගුම්හලේ පස්මහලේ ජනේලයකින් බිමට පැන්න බවයි.

ඒ අනුව සිසුවියගේ දුරකතන දත්ත මත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

එමෙන්ම ප්‍රධාන සැකකරු පැය 48 ක් රඳවා ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය අවසර ලබා දී තිබේ.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago