දේශීය

කළුතර සිසුවියගේ අවසන් දුරකතන ඇමතුම ටියුෂන් ගුරුවරයෙකුට

16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරික්ෂණයට අනුව ඇය මිය යෑමට පෙර ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳව පරික්ෂණ අරඹා තිබේ.

ඒ අනුව ඇය හෝටලයේ ගත කළ අවසන් කාලසීමාවේ දී ඇය විසින් දුරකතන ඇමතුමක් ලබාගත් උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන් ඊයේ (10) පොලිසිය දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදුකර ඇත.

අදාළ ප්‍රශ්න කිරීමේ දී උපකාරක ගුරුවරයා මියගිය සිසුවිය හොදින් හඳුනන බව ප්‍රකාශ කර තිබේ.

ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීමේ දී සිසුවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

කෙසේවෙතත් සිසුවිය අවසානයට ගත් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් වෙනවා.

සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර සිටියේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව ලැගුම්හලේ පස්මහලේ ජනේලයකින් බිමට පැන්න බවයි.

ඒ අනුව සිසුවියගේ දුරකතන දත්ත මත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

එමෙන්ම ප්‍රධාන සැකකරු පැය 48 ක් රඳවා ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය අවසර ලබා දී තිබේ.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

4 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

4 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

6 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago