දේශීය

ජූනි මාසයේ ඩෙංගු අධි වසංගත අවදානමක්

රට තුළ ජූනි මාසයේ දී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

ඒ මහතා මේ බව දිනමිණ පුවත්පතට ප්‍රකාශ කර තිබුණා.

මෝසම් වර්ෂාව සමඟ ජූනි, ජූලි මාසවල ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන බවත් මෙම වසරේ අප්‍රේල් සිටම ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින් ජූනි මාසයේ ඩෙංගු අධි වසංගත තත්වයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මේ දිනවල ඩෙංගු තුන්වැනි වෛරස් කාණ්ඩයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර එම කාණ්ඩය ජනතාව අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව ඒ මහතා පැවසුවා.

උණ, හිසරදය, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඩෙංගු බවට සැක කර හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරයා දැනුම් දෙනවා.

විශේෂයෙන් දින දෙකකට වඩා උණ රෝගය පවතිනවා නම් ඩෙංගු බවට සැකකළ හැකි බවත් පැරසිටමෝල් හැර වෙනත් කිසිදු වේදනා නාශයක් ලබා නොගත යුතු බවත් ඔහු පැවසුවා.

තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසිදුව පවත්වා ගන්නේ නම් ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තා වීම අවම කර ගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

:මූලාශ්‍රය දිනමිණ

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

3 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

4 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

6 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

7 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

7 days ago