file
රට තුළ ජූනි මාසයේ දී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
ඒ මහතා මේ බව දිනමිණ පුවත්පතට ප්‍රකාශ කර තිබුණා.
මෝසම් වර්ෂාව සමඟ ජූනි, ජූලි මාසවල ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන බවත් මෙම වසරේ අප්‍රේල් සිටම ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින් ජූනි මාසයේ ඩෙංගු අධි වසංගත තත්වයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
මේ දිනවල ඩෙංගු තුන්වැනි වෛරස් කාණ්ඩයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර එම කාණ්ඩය ජනතාව අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව ඒ මහතා පැවසුවා.
උණ, හිසරදය, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඩෙංගු බවට සැක කර හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරයා දැනුම් දෙනවා.
විශේෂයෙන් දින දෙකකට වඩා උණ රෝගය පවතිනවා නම් ඩෙංගු බවට සැකකළ හැකි බවත් පැරසිටමෝල් හැර වෙනත් කිසිදු වේදනා නාශයක් ලබා නොගත යුතු බවත් ඔහු පැවසුවා.
තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසිදුව පවත්වා ගන්නේ නම් ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තා වීම අවම කර ගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
:මූලාශ්‍රය දිනමිණ
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…