ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක තිබූ විෂ බීජ හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ රෝගීන් දහදෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවී තිබෙනවා.
නුවරඑළියේ මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා මේ බව දිවයිනට ප්‍රකාශ කර තිබුණා.
පසුගිය අප්‍රේල් පස්වෙනිදායින් පසුව සිදුකළ අක්ෂි ශල්‍යකර්මවලින් පසුව රෝගීන්ට ඇස්වලට දැමීමට ලබාදුන් බෙහෙතක් විෂ වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බව වෛද්‍යවරයා පැවසුවා.
ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විෂ බීජ තිබීම හේතුවෙන් එලෙස සිදුව ඇති බව අනාවරණය වූ බව වෛද්‍යවරයා පවසනවා.
නිවෙස්වලට ගිය රෝගීන් නැවත දින කිහිපයකට පසු ඇස්පෙනීම මුළුමනින්ම නැතිවූ බව පවසමින් රෝහල් ගත කළ බවත් ඉන් පසුව සිදුකළ ප්‍රතිකාරවලින් ක්‍රමයෙන් සුවතට හැරෙමින් පවතින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මූලාශ්‍රය: දිවයින
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…