ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක තිබූ විෂ බීජ හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ රෝගීන් දහදෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවී තිබෙනවා.
නුවරඑළියේ මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා මේ බව දිවයිනට ප්‍රකාශ කර තිබුණා.
පසුගිය අප්‍රේල් පස්වෙනිදායින් පසුව සිදුකළ අක්ෂි ශල්‍යකර්මවලින් පසුව රෝගීන්ට ඇස්වලට දැමීමට ලබාදුන් බෙහෙතක් විෂ වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බව වෛද්‍යවරයා පැවසුවා.
ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විෂ බීජ තිබීම හේතුවෙන් එලෙස සිදුව ඇති බව අනාවරණය වූ බව වෛද්‍යවරයා පවසනවා.
නිවෙස්වලට ගිය රෝගීන් නැවත දින කිහිපයකට පසු ඇස්පෙනීම මුළුමනින්ම නැතිවූ බව පවසමින් රෝහල් ගත කළ බවත් ඉන් පසුව සිදුකළ ප්‍රතිකාරවලින් ක්‍රමයෙන් සුවතට හැරෙමින් පවතින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මූලාශ්‍රය: දිවයින
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…