දේශීය

රටක් බැති සිතින් වෙසක් සමරද්දී දඹුලු විහාරයේ ලෙන් සිතුවම්වලට අත්ව ඇති ‌ඛේදවාචකය..

වෙසක් පුන් පොහෝය දිනය හෙටට(05) යෙදී ඇති අද(04) දවසේ අපට වාර්තා කිරීමට සිදුවන්නේ ඉතා කණගාටුදායක පුවතක්.

ලෝක ප්‍රසිද්ධ දඹුල්ල රජමහා විහාරයේ ලෙන් සිතුවම් විනාශ මුඛයට ගොස් ඇතැයි වාර්තා වෙනවා.

යුනෙස්කෝ සංවිධානය විසින් 1991 දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබූ දඹුලු විහාරයේ ලෙන් සිතුවම්වලට අද වනවිට අත්ව ඇති ඉරණම පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය රංග කලංසූරිය මහතා සිය මුහුණු පොත(Facebook) තුළ සවේදී සටහනක් තබා තිබෙනවා.

මෙරට බෞද්ධ ජනතාවගේ මෙන්ම මුළු මහත් ලෝකයේ ඓතිහාසික උරුමයක් වන දඹුලු විහාරය වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම හේතුවෙන් වේගයෙන් විනාශ මුඛයට යන ආකාරය ඒ මහතා ඡායාරූප සමග දක්වා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ආචාර්ය රංග කලංසූරිය මහතා දඹුලු විහාරය පිළිබඳව තබා තිබූ එම සටහනයි.

දඹුලු විහාරය වැඳගත්තෙමි.

“බුද්ධාලම්බන ප්‍රීතියට වඩා උපන්නේ පහන් සංවේගයකි. විනාශ වී යන ඓතිහාසික චිත්‍ර සහ පිළිම, බුදුන් වහන්සේ දේශනා කළ අනිත්‍ය ධර්මතාව මොනවට පසක් කරයි. ශාසනයේ අවසන් වසර 2500 ඇරඹී ඇතැයි මැනවින් පැහැදිලිය. ජාතික උරුමය පෞද්ගලික උරුමයක් වීමේ කරුමයට දෝ යුනෙස්කෝවත් ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරලාලු. දැන් ඉතින් වෙන කුමක් කරන්න ද…….. අනිත්‍ය මෙනෙහි කරනු මිස……….”

කි.පූ 7 වන සියවස තරම් ඈත ඉතිහාසයක් ඇති දඹුලු විහාරය මහනුවර යුගයට අයත් බිතුසිතුවම් සහිත කලාගාරය ලෙස සැලකිය හැකි ,පිළිම ගෙවල්, කටාරම්, අරුක්කු කුළුණු, සිතුවම් සහිත මෙරට ඉපැරණි ලෙන් විහාරයක්.

දඹුලු විහාරය වලගම්බා රජු විසින් ක්‍රි.පූ 1 වන සියවසේ දී ලෙන් සමුහය විහාරයක් බවට පරිවර්තනය කර නිර්මාණය කර ඇති බව ඉතිහාසයේ සඳහන්.

ස්වාභාවිකව පිහිටි මේ විහාරයේ ලෙන් 5ක්, බුද්ධ ප්‍රතිමා, රාජ ප්‍රතිමා ඇතුළු ප්‍රතිමා 154ක් මෙහි දැකගත හැකිවන අතර එ්වා කළුගල්, ගඩොල්, ලී ආදියෙන් නිමවා තිබෙනවා.

ලෙන් සිවිලිම හා ආවරණ බිත්ති සෑම එකකම චිත්‍ර ඇඳ අලංකාර කිරීම මෙහි ඇති විශේෂත්වයක්.

මෙවැනි සිතුවම් රාශියක් එකවර දැකගත හැකි එකම විහාරය රන්ගිරි දඹුල්ලයි.

දඹුල්ල රජමහා විහාරයේ ලෙන් සිතුවම් වැදගත්වන තවත් සාධක කිහිපයක් තිබෙනවා. ඒ්වා නම්,

  • ආසියාවේ ඇති දිගින් වැඩිම ලෙන් සංකීර්ණය වීම.
  • එහි ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත්වූ බව පුරාවිද්‍යා පර්යේෂණවලදී තහවුරුවී තිබීම.
  • මූල බ්‍රාහ්මී සෙල් ලිපි හමුවීම.
  • පසු කාලයක භික්ෂූන්ගේ පරිහරණය සඳහා භාවිතයට ගැනීම.
  • ශ්‍රී ලංකාවේ හමුවුණ පැරණි ශිලා බුදු පිළිම මෙම ලෙන් තුළින් හමුවීම.

එසේනම් මෙවැනි සුවිශේෂි ස්ථාන විනාශ වී යාමට තවත් ඉඩ දෙනවාද?

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

5 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

5 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

6 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

6 days ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

6 days ago