වෙසක් පුන් පොහෝය දිනය හෙටට(05) යෙදී ඇති අද(04) දවසේ අපට වාර්තා කිරීමට සිදුවන්නේ ඉතා කණගාටුදායක පුවතක්.
ලෝක ප්‍රසිද්ධ දඹුල්ල රජමහා විහාරයේ ලෙන් සිතුවම් විනාශ මුඛයට ගොස් ඇතැයි වාර්තා වෙනවා.
යුනෙස්කෝ සංවිධානය විසින් 1991 දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබූ දඹුලු විහාරයේ ලෙන් සිතුවම්වලට අද වනවිට අත්ව ඇති ඉරණම පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය රංග කලංසූරිය මහතා සිය මුහුණු පොත(Facebook) තුළ සවේදී සටහනක් තබා තිබෙනවා.
මෙරට බෞද්ධ ජනතාවගේ මෙන්ම මුළු මහත් ලෝකයේ ඓතිහාසික උරුමයක් වන දඹුලු විහාරය වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම හේතුවෙන් වේගයෙන් විනාශ මුඛයට යන ආකාරය ඒ මහතා ඡායාරූප සමග දක්වා තිබුණා.
පහතින් දැක්වෙන්නේ ආචාර්ය රංග කලංසූරිය මහතා දඹුලු විහාරය පිළිබඳව තබා තිබූ එම සටහනයි.
දඹුලු විහාරය වැඳගත්තෙමි.
“බුද්ධාලම්බන ප්‍රීතියට වඩා උපන්නේ පහන් සංවේගයකි. විනාශ වී යන ඓතිහාසික චිත්‍ර සහ පිළිම, බුදුන් වහන්සේ දේශනා කළ අනිත්‍ය ධර්මතාව මොනවට පසක් කරයි. ශාසනයේ අවසන් වසර 2500 ඇරඹී ඇතැයි මැනවින් පැහැදිලිය. ජාතික උරුමය පෞද්ගලික උරුමයක් වීමේ කරුමයට දෝ යුනෙස්කෝවත් ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරලාලු. දැන් ඉතින් වෙන කුමක් කරන්න ද…….. අනිත්‍ය මෙනෙහි කරනු මිස……….”
කි.පූ 7 වන සියවස තරම් ඈත ඉතිහාසයක් ඇති දඹුලු විහාරය මහනුවර යුගයට අයත් බිතුසිතුවම් සහිත කලාගාරය ලෙස සැලකිය හැකි ,පිළිම ගෙවල්, කටාරම්, අරුක්කු කුළුණු, සිතුවම් සහිත මෙරට ඉපැරණි ලෙන් විහාරයක්.
දඹුලු විහාරය වලගම්බා රජු විසින් ක්‍රි.පූ 1 වන සියවසේ දී ලෙන් සමුහය විහාරයක් බවට පරිවර්තනය කර නිර්මාණය කර ඇති බව ඉතිහාසයේ සඳහන්.
ස්වාභාවිකව පිහිටි මේ විහාරයේ ලෙන් 5ක්, බුද්ධ ප්‍රතිමා, රාජ ප්‍රතිමා ඇතුළු ප්‍රතිමා 154ක් මෙහි දැකගත හැකිවන අතර එ්වා කළුගල්, ගඩොල්, ලී ආදියෙන් නිමවා තිබෙනවා.
ලෙන් සිවිලිම හා ආවරණ බිත්ති සෑම එකකම චිත්‍ර ඇඳ අලංකාර කිරීම මෙහි ඇති විශේෂත්වයක්.
මෙවැනි සිතුවම් රාශියක් එකවර දැකගත හැකි එකම විහාරය රන්ගිරි දඹුල්ලයි.
දඹුල්ල රජමහා විහාරයේ ලෙන් සිතුවම් වැදගත්වන තවත් සාධක කිහිපයක් තිබෙනවා. ඒ්වා නම්,
එසේනම් මෙවැනි සුවිශේෂි ස්ථාන විනාශ වී යාමට තවත් ඉඩ දෙනවාද?
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…