විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේදී ලබා දෙන තීරු බදු (Duty Free) සහනය ඉහළ දමා තිබෙනවා.
එය ඊයේ(01) සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මකයි.
කාණ්ඩ 05ක් යටතේ එම සහනය ක්‍රියාත්මක බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළා.
ඒ අනුව, ඩොලර් 2,400 ත් 4,799 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට හිමිවන තීරු බදු සහනය, ඩොලර් 600ක්.
ඩොලර් 4,800ත් ඩොලර් 7,199 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක අතිරේක තීරු බදු සහනයක් හිමිවෙනවා.
ඩොලර් 7,200ත් ඩොලර් 11,999 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1,440 ක අතිරේක තීරු බදු සහනයක් ද
ඩොලර් 12,000 ත් ඩොලර් 23,999 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2,400ක අතිරේක තීරු බදු සහනයක් ද හිමි වෙනවා.
ඩොලර් 24,000 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4,800ක අතිරේක තීරු බදු සහනයක් ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.


