කොළඹ නගරය මූලික කරගෙන ප්‍රධාන මැයි රැලි 08 ක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.
එ අනුව පොදුජන පෙරමුණේ මැයි රැලිය කැම්බල් පිටියෙදී, සමගි ජන බලවේගයේ රැලිය පිටකොටුව කෙසෙල්වත්ත ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී , ජාතික ජන බලවේගයේ මැයි රැලිය එෆ්. ආර්. සේනානායක මාවතේ, නගර සභා ක්‍රීඩාංගණයේ දී වශයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
එමෙන්ම එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි රැලිය ග්‍රෑන්ඩ්පාස් ක්‍රීඩාංගණයේදී , උත්තර ලංකා සභාගයේ මැයි රැලිය කොළඹ හයිට් පිටියේ දී , නිදහස් වෙළඳ කලාප සේවක සංගමයේ මැයි රැලිය මාලිගාවත්ත ජී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී සහ ලංකා බැංකු රැලිය කොම්පඤ්ඤවීදිය ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගනයේදී ද පැවැත්වීමට නියමිතයි.
මෙම සියලු මැයි රැලින් සඳහා පොලිස් ආරක්ෂාව උපරිමයෙන් ලබා දෙන බව නිහල් තල්දූව මහතා ප්‍රකාශ කර ඇත.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…