Friday, September 11, 2026
Homeදේශීයගාලු සාහිත්‍ය උළෙල යළි ඇරඹේ

ගාලු සාහිත්‍ය උළෙල යළි ඇරඹේ

ගාලු සාහිත්‍ය උළෙල යළි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

වසර කිහිපයක් නොපැවැත් වූ ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට සමගාමීව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, අහංගම සහ හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගිනිමින් පැවැත්වීමට නියමිතයි.

නව කලා මාධ්‍යයන් (Modern Art), සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව මෙම වැඩසටහන් මාලාව සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් විවිධ කලා අංග රැසකින් සමන්විත වෙනවා.

READ:   14 හැවිරිදි පාසල් සිසුවෙක් බූස්ස වෙරළ තීරයේ ගිලී අතුරුදහන් වේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්