Tuesday, June 2, 2026
Homeදේශීයදෙමටගොඩ චමින්දගේ පුතාගේ ජාවාරම් මෙහෙයවන දෙදෙනෙක් හෙරෝයින් සහ මත්පෙති සමග...

දෙමටගොඩ චමින්දගේ පුතාගේ ජාවාරම් මෙහෙයවන දෙදෙනෙක් හෙරෝයින් සහ මත්පෙති සමග අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුතාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය

විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.28 වන දින දෙමටගොඩ පොලිස් වසමේ ලක්හිරු සෙවණ, කොළඹ 09, මහල් නිවාස සංකිර්ණයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී හෙරොයින් ග්‍රෑම් 07 ක් මිලි ග්‍රෑම් 550 ක් සහ ප්‍රීගැබ්ලින් මත්පෙති 80 සන්තකයේ තබාගෙන සිටි දෙමටගොඩ සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ අවුරුදු 41 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයගේ පුතා වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මලීෂ අකාෂ් යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජවාරම් සිදු ඇති බව අනාවරණය වී තිබේ.

READ:   ඉදිරි දශකය තුළ විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්