Thursday, May 14, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට සවස් වරුවේ වැසි

ප්‍රදේශ රැසකට සවස් වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

මේ අතර නැගෙනහිර පළාතේත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්