දේශීය

සමහර නිලධාරීන් කඳුළු ගෑස් අතේ තියාගෙන හිටියේ කල් ඉකුත් වුණාම බලපෑම අඩු නිසා තමයි – පොලීසිය කෝපා කමිටුවට කියයි..

ඇතැම් විරෝධතා පසුගිය කාලයේ විසුරුවා හැරීමට පොලීසිය භාවිත කළේ කල්ඉකුත් වූ කඳුළු ගෑස් බවට චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ අවධානය යොමු විය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මෙම කාරක සභාවට කැඳවා තිබුණා.

තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද ඔහු සමග රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත පැමිණ සිටියා.

මේ පිළිබඳව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සාමාජික ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රශ්න කළා.

පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මීට පිළිතුරු දෙමින් පැවසුවේ මෙවැනි අදහසක්.

“බඩු වට්ටටෝරු ලේඛනයට අනුව ටීයර් ගෑස් ෂෙල්ස් යම් ප්‍රමාණයකුත් ටීයර් ගෑස් ග්‍රේනේට් යම් ප්‍රමාණයකුත් ඒවා කල් ඉකුත් වූ දේවල්. ඒක හරි. ඒ ප්‍රමාණය තවදුරටත් පොලිස් මධ්‍යම අවි ගබඩාවේ තියෙනවා. ඒ අනුව ඉදිරි මාසෙක වගේ කාලය තුළදී කල් ඉකුත් වූ ඉකුත් වූ ෂෙල්ස් සහ ග්‍රේනේඩ් විනාශ කරන්න කටයුතු කරනවා. නාරාහේන්පිට පොලීසියෙත් කෙසෙල්වත්ත පොලීසියෙත්, මේ පොලිස් ස්ථාන දෙකේ කල්ඉකුත් වූ කඳුළු වායු උණ්ඩ සහ කඳුළු වායු අත් බෝම්බ කිහිපයක් තියෙනවා. ඒවා හරි. ඒවා පාවිච්චි වෙලා තිබ්බෙ නෑ මැඩම්. මේ 2012 ගෙනාපුවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 05ක් තමයි කල් ඉකුත් වූ දිනය විදිහට සලකන්නේ. එතකොට මේ එකකවත් 2012 ගෙනාවාපුවාවත් කල් ඉකුත් වෙන්න කළින් 2017 තව ප්‍රමාණවත් ගෙනත් තියෙනවා. එතකොට නාරාහෙන්පිට සහ කෙසෙල්වත්ත පොලීසියේ ඉතුරුවෙලා තිබුණ කල් ඉකුත් වූ කඳුළු වායු උණ්ඩ සහ කඳුළු වායු අත් බෝම්බ මේ වෙද්දි පොලිස් මධ්‍යම අවි ගබඩාවට බාරදීලා තියෙන්නේ. එහෙනම් කල්ඉකුත් වෙච්ච ඒවා පොලිස් ස්ථානවල තියෙන්න බැහැ මැඩම්. එතකොට මේ කල්ඉකුත් වුණු ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. වරින් වර අලුත් ඒවා ගේනවා. අන්තිමට 2020 ගෙනාපු ටිකත් මේ වෙනකොට ඉෂූ කරලා තියෙන්නේ”

එහිදී ආචාර්ය හරිණි අමරසූරිය පෙරළා පැවසුවේ එසේනම් අනවශ්‍ය ලෙස කඳුළු ගෑස් ඇනවුම් කර ඇති බව මෙහිදී පෙනී යන බවයි.

කඳුළු ගෑස් ගෙන්වීම සඳහා නිසි ක්‍රමවේදයක් තිබේද යන්න පිළිබඳවත් ඇය එහිදි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර පැවසුවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ නෛතික ප්‍රතිපාදනවලට අනුව කටයුතු කරන බවයි.

ඊට අමතරව පොලිස් නියෝගවලත් මේ සඳහා ප්‍රතිපාදන ඇති බව ඔහු පවසනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මේ සඳහා මාර්ගෝපදේශයක් දෙන්නැයි පොලිස්පති ඉල්ලා ඇතත් එය තවමත් ලැබී නොමැති බව ද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර එහිදී අවධාරණය කළා.

ඊට අමතරව නීතිපතිවරයා වරින් වර ලබා දී ඇති උපදෙස් අනුව ද කඳුළු ගෑස් සම්බන්ධයෙන් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර පවසනවා.

එහිදී පොලිස් අපරාධ හා රථ වාහන දිශාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයක්

“සාමාන්‍යයෙන් අපි දන්න දේ ත‍මයි ටියර් ගෑස් එකක කල් ඉකුත් වූ වීම තුළ සිද්ධ වන්නේ ඒකේ බලපෑම අඩුවෙන එක. ඒ්නිසා තමයි අපි දැක්කේ සමහර නිලධාරීන් කඳුළු ගෑස් අතේ තියාගෙන ඉන්නවා. අපිට කඳුළු ගෑස් වැදුණු මිනිස්සු නිසා අපි දන්නවා”

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සාමාජික අමාත්‍ය ඩයනා ගමගේ දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයක්

“ඒ් කියන්නේ කල්ඉකුත් වුණු ඒ්වනේ ගහලා තියෙන්නේ?”

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වාගේ පිළිතුර –

“නෑ නෑ, ඒක කල් ඉකුත් වීම නෙමෙයි, කල් ඉකුත් වුණයි කියන එක ගැටලුවක් නෙවෙයි”

නමුත් කල්ඉකුත් වීම තුළ බලය හීන වුවත් එහි රසායනික සංයුතියේ වෙනස්කම් තුළ ඊට වඩා හානි වීමට හැකි බව රාජ්‍ය ගිණුම් කාරක සභාව එහිදී අවධාරණය කළා.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

8 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

8 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago