Monday, September 14, 2026
Homeදේශීයමාරවිල දිසා අධිකරණයේ සේප්පුවක ලක්ෂ 22ක් අතුරුදන්

මාරවිල දිසා අධිකරණයේ සේප්පුවක ලක්ෂ 22ක් අතුරුදන්

මාරවිල දිසා අධිකරණයේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් අතුරුදන් වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.

අධිකරණයේ ලිපිකාරියක් හා ලිපිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අධිකරණ රෙජිස්ටාර්වරිය කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   ධීවර ජනතාවට කාලගුණයෙන් දැනුම් දීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්