Friday, April 24, 2026
Homeදේශීයපොහොර ගැන තවත් කතා කරොත් ඇමතිකමෙනුත් මාව අස් කරනව කිව්වා - ගෝඨා...

පොහොර ගැන තවත් කතා කරොත් ඇමතිකමෙනුත් මාව අස් කරනව කිව්වා – ගෝඨා කළ තර්ජනයක් ගැන චන්ද්‍රසේන හෙළි කරයි

කාබනික පොහොර සිද්ධියේදී අනුරුද්ධ පාදෙනිය ඇතුළු වෛද්‍යවරු පිරිසක් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොමග යැවූ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන අනාවරණය කරයි.

එස්.එම්. චන්ද්‍රසේන පැවසුවේ රසායනික පොහොර නිසා මිනිස්සු සිය ගණනක්, දහස් ගණනක් මිය යන බවට එම වෛද්‍යවරු පිරිස ගෝඨාභය රාජපක්ෂට උපදෙස් දුන් බවයි.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කළහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල මුදලක් ද ඉතිරි වන බව එම වෛද්‍යවරු පැවසු බව එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

පාර්ලිමේන්තුවේ පලවෙනි කාමරය තුළ මෙම උපදෙස් දීම සිදු කළ අතර මන්ත්‍රීවරුන්ට ද එම උපදෙස් ලබා දුන් බව එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කළා.

“හිටපු ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇන්ඳුවා, එතුමා ඇඳගත්තු එක තමයි වැරැද්ද. මේ රටේ තිබ්බ ප්‍රශ්න ඩබල් වුණා. ඒ්ක අපි පිළිගන්නවා”

තමන් කියූ දේවල්වල පවා හිටපු ජනපති ගෝඨාභය රාජක්ෂ ඇහුම්කන් නොදුන් බව එස්.එම්. චන්ද්‍රසේන අවධාරණය කළා

“මම පොහොර ගැන කතා කරන්න ගිහිල්ලා, එක දවසක් මට කිව්වා තවත් පොහොර ගැන කතා කරොත් ඇමතිකමෙනුත් අස් කරනවයි කිව්වා, ඉතින් ඊට එහායින් ආයි කතා කරන්න දෙයක් නෑ‌නේ”

READ:   මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධ වාර්තාවක් ජිනීවා යන ලකුණු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්