දේශීය

චීන ඉන්ධන පිරවුම්හල් 150ක් ළඟදීම ශ්‍රී ලංකාවේ..

චීනයේ ඉන්ධන පිරවුම්හල් 150ක් ළඟදීම මෙරට ස්ථාපනය කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අවස්ථාවේදී.

තානාපතිවරයා එහිදී අවධාරණය කළේ, චීන පෙට්‍රෝලියම් සමාගමේ ප්‍රධානියා පසුගිය වසරේ මෙරටට පැමිණි කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය සිදුකරන බවයි.

ඉන්ධන කර්මාන්තය ආශ්‍රිතව චීනය මෙරට සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් චීන තානාපති කී සෙන් හොං අද(28) මල්වතු – අස්ගිරි පාර්ශ්වයන්හි මහා නාහිමිවරුන් දැනුවත් කළා.

අද සවස මහනුවරට පැමිණි චීන තානාපති කී සෙන් හොං සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ද හමු වී ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කරනු ලැබුවා.

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

6 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

6 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

1 week ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

1 week ago