දේශීය

චීන ඉන්ධන පිරවුම්හල් 150ක් ළඟදීම ශ්‍රී ලංකාවේ..

චීනයේ ඉන්ධන පිරවුම්හල් 150ක් ළඟදීම මෙරට ස්ථාපනය කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අවස්ථාවේදී.

තානාපතිවරයා එහිදී අවධාරණය කළේ, චීන පෙට්‍රෝලියම් සමාගමේ ප්‍රධානියා පසුගිය වසරේ මෙරටට පැමිණි කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය සිදුකරන බවයි.

ඉන්ධන කර්මාන්තය ආශ්‍රිතව චීනය මෙරට සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් චීන තානාපති කී සෙන් හොං අද(28) මල්වතු – අස්ගිරි පාර්ශ්වයන්හි මහා නාහිමිවරුන් දැනුවත් කළා.

අද සවස මහනුවරට පැමිණි චීන තානාපති කී සෙන් හොං සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ද හමු වී ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කරනු ලැබුවා.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

4 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

4 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

6 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

7 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

1 week ago