ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නීතිඥ සංගමය පවසන්නේ, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවයි.
මෙම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව නීතිඥ සංගමය පවසනවා.
අදාල පනත් කෙටුපම්තේ වගන්ති අපරාධ යුක්තිය පසදලීමේ ක්‍රමවේදයේ මූලධර්ම උල්ලංඝණය කරන බවත් එය මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවත් කමිටුව නිර්දේශ කර තිබෙනවා.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි එම විධිවිධාන භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස හා ගමන් කිරීමේ නිදහස ඇතුළු අයිතීන් උල්ලංඝණය වන බව නිරීක්ෂණය වී ඇතැයි නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…