දේශීය

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් විමල් විරවංශ විසින් සිදුකල ප්‍රකාශය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

පා.ම. විමල් විරවංශ විසින් ප්‍රකාශ කරන අකාරයට 2022 මැයි 09 දින අරගලය සිදුවන අවස්ථාවේ දී හිටපු හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉන්දියානු සංචාරයක නිරතවීම සැක සහිත කටයුත්තක් නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එවකට සිටි ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු යුද හමුදාපතිවරයා ඉන්දියාවේ ආරක්ෂක සමුළුවක් සඳහා සහභාගී වූ බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල එම නිවේදනය පහතින්,

දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්‍ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මස 07 දින ඉන්දියාවේ දී පැවති අතර, ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය යටතේ ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ආරක්‍ෂක සමුළුව සඳහා සහභාගී වූ බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

අද දින (අප්‍රේල් 26) විකාශය වූ හිරු පත්තරේ විස්තරේ වැඩසටහනේදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, පා.ම. ගරු විමල් වීරවංශ විසින් රචිත ‘නවය; සැඟවුනු කතාව’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී ගරු විමල් වීරවංශ විසින් කරන ලද කථාවෙන් උපුටා ගනිමින් කියා සිටියේ, 2022 මැයි 09 වන දින ප්‍රථම සැලසුම ලෙස අරගලය සිදුකල බලවේග සිදුකිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුල ඝාතනයට ලක්කිරිමට බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේදී ඉන්දියානු සංචාරයකට සහභාගී වී සිටි බවත් එය සැක සහිත කටයුත්තක් බවත්ය.

ඒ අනුව, ඉහත කරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවත්, වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොළඹ ආරක්‍ෂක සමුළුවට සහභාගී වීම සඳහා 2022 ජූලි මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලද්දේ ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ බවත්, ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

20 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago