උතුරු අමරිකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH ග්‍රන්ථය ලොව භාවනාව පිළිබඳ හොඳම අත්පොත පොත් 8 අතරට නම් කර තිබෙනවා.
The Newyork Times පුවත්පත විසින් කළ පර්යේෂණයකින් අනතුරුව අප්‍රේල් මස 22 ඉරිදා එම පුවත්පත මෙය ප්‍රකාශයට පත් කර තිබේ.
1994 වර්ෂයේ රචිත මෙම ග්‍රන්ථය මේ වන විට භාෂා 32කට පරිවර්තනය වී ඇත.
වසර 10ක් පුරා අමෙරිකාවේ වැඩියෙන්ම අලෙවි වන (Best Seller) කෘතියක් ලෙස පළ වූ කෘතියක්.
මෙම ග්‍රන්ථයේ මිලියන 10කට ආසන්න ඉංග්‍රීසි පිටපත් සංඛ්‍යාවක් මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති බව සමීක්ෂණවල සඳහන් වේ.
“සතිමත්බව වැඩීම” යනුවෙන් එය සිංහල භාෂාවට පරිවර්තනය වී තිබේ.
ශ්‍රී ලාංකිකයෙකුගේ ග්‍රන්ථයක් එම පුවත්පතේ පළ වූ පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලාංකිකයෙකුගේ කෘතියක් මෙපමණ භාෂා සංඛ්‍යාවකට පරිවර්තනය වූ පළමු අවස්ථාව මෙයයි.
වයෝවෘද්ධතම සහ ජ්‍යෙෂ්ඨතම භික්ෂූණ් වහන්සේ හැටියට ලොවම පිළිගෙන තිබෙන්නේ 95 හැවිරිදි වියෙහි පසුවන අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක මාහිමිපාණන් වහන්සේයි.
උන්වහන්සේ විසින් දැනට ග්‍රන්ථ 15කට ආසන්න ප්‍රමාණයක් රචනා කර තිබෙන අතර මෙම සෑම ග්‍රන්ථයක්ම අවම වශයෙන් එක් භාෂාවකට හෝ පරිවර්තනය වී තිබීම විශේෂත්වයකි.
free PDF online මෙම දිගුවෙන් ග්‍රන්ථය පරිශීලනය කළ හැක.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…