දේශීය

“කොටස් වෙළෙඳපාළ කඩා වැටුණොත් මම ඒක වහන්නම්, එච්චරයි” – ජනපතිගෙන් සැර කතාවක් (VIDEO)

ශ්‍රී ලංකාව යළි නැගී සිටිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විවාදයේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විදේශ ණයකරුවන් සමග පළමුව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපතිවරයා පවසන්නේ කොන්දේසි දමා ඔවුන් සමග සාකච්ඡාවට යා නොහැකි බව යි.

මෙය සිදු කරන විට කිසිවෙකුටත් කිසිදු හානියක් සිදුනොවන ආකාරයට කටයුතු කළ යුතු බව ජනපති අවධාරණය කරයි.

මේ සඳහා මුහුණදිය නොහැකි බව සමහර බැංකු පවසන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

“එහෙම අයට මම කියන්නේ, එහෙනම් තමන් භාර අරගෙන ආර්ථිකය ගෙනියන්න කියලා. එක එක අය තුවක්කුවක් දාලා ඔලුවට කියන්න බෑ මේක කරොත් මේක කඩා වැටෙනවා, විශේෂයෙන්ම කොටස් වෙළෙඳපාළ කියනවා කොටස් වෙළෙඳපොළ කඩා වැටෙනවා කියලා, කඩා වැටුණොත් මම ඒක වහන්නම් එච්චරයි තියෙන්නේ , මේගොල්ලන්ට ඇවිල්ලා දැන් කියන්න බැහැ මේක ඇදලා එනෙකාට මේ කොන්දේසි ඒ කොන්දේසි ඒවා බැහැ. අපි මෙතන තීරණය කරලා, පාර්ලිමේන්තුව තීරණය කරලා අපි කියන්නම් මොකක්ද කරන්න ඕන කියලා”

ජනාධිපතිතුමා එහිදී අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ද සිය අදහස් පල කළා.

“මම කියන්න කැමතියි, අර්ථ සාධක සාමාජිකයින්ට හානියක් වෙන්න මම ඉඩ දෙන්නේ නෑ, අපිනේ ආරම්භ කරේ”

එම විඩියෝව පහතින් දැක්වේ,

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

9 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

10 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago