Tuesday, September 15, 2026
Homeදේශීයපොහොර හොරකමේ ගිය හතරදෙනෙක් අත්අඩංගුවට

පොහොර හොරකමේ ගිය හතරදෙනෙක් අත්අඩංගුවට

පොහොර සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ (24) පොතුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 176,467 ක් වටිනා පොහොර මිටි 11 ක් සොරාගැනීම සම්බන්ධයෙන් පොතුපිටිය පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් හතරදෙනා පොහොර මිටි 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25,28,46 සහ 47 යන වයස් වල පසුවන රක්වාන දහ රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.

සැකකරුවන් අද (25) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතයි, පොතුපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

READ:   තේ කර්මාන්ත හිමියන්ගේ රැස්වීම වෙනස්ම විදිහකට.හදුන්නෙත්තියි සමන්තයි දෙන්නම ඇවිත්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්