ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
මේ වනවිට ඊට අදාළ තත්ත්ව පරීක්ෂාවක් සඳහා ශල්‍යාගාරයක් වසා දමා ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
සංකූලතා ඇතිවීමට හේතු වූ ඖෂධය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ අතර මේ පිළිබඳ Life Traveler කළ විමසීමකදී ජාතික අක්ෂි රෝහලේ සියලුම ශල්‍යාගාර තාවකාලිකව වසා දමා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ඊයේ සඳහන් කළා.
ඒ, බැක්ටීරියාවක් ආසාදනය වීම හරහා රෝගීන් කිහිප දෙනෙකුගේ ඇස්වලට බලපෑමක් එල්ල වීම නිසා බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අනවාරණය කළා.
ඔහු සඳහන් කළේ, පසුගිය 14 වැනිදා සිට ශල්‍යාගාර වසා දමා ඇති බවයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…