ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙලෙස එම වෛද්‍යවරුන් පත් කර තිබේ.
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, උඩුගම මූලික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල, කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල, දික්ඔය මහ රෝහල හා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් මෙලෙස පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවා.
ඒ අනුව මේ වන විට පුරප්පාඩුව පවතින එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකාරි කටයුතු මෙම පත් කිරීම් හරහා ඉදිරියේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…