විහාරස්ථානයක් බිඳ මුදල් හා දේපල කොල්ලකෑ සැකකරුවන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් මාර්තු 28 වනදා මොවුන් හම්බන්තොට ඉඳිවැව ප්‍රද්ශයේ විහාරස්ථානයක ආවස ගෙයක් බිඳ රුපියල් ලක්ෂ 20ක මුදලක් සහ රන් ආලේපිත බුදු පිළිමයක් සොරාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයක දී ඊයේ (20) එම සැකකරුවන් සූරියවැව සහ මත්තල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සන්තකයේ තිබී අඟල් හතරක් පමණ උස රන් ආලේපිත බුදු පිළිමයක් ද හමුවූ බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් සූරියවැව හා මත්තල ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 සහ 41 අතර වයස්වල පසුවන පුද්ගලයන් වේ.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…