කුරිරු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සිහිපත් කිරීමේ ප්‍රධාන දේව මෙහෙය මේ වනවිට කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වෙනවා.
ඒ, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී උදෑසන 8.45ට විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක් ආරක්ෂා කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කළා.
අනතුරුව කොච්චිකඩේ දේවස්ථානයේ ඝණ්ඨාර නාදය මැද ඉටිපන්දම් දැල්විය.
එම අවස්ථාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයින් රැසක් එක්ව සිටියා.
මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්.
අදාළ දර්ශන පහතින්
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…