දේශීය

” කිතුලේ රා බාන්න ගොස් ජනතාවට කොටුවූ අනුර කුමාර දිසානායක ” – නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් රැස් කළ මුදල් වියදම් කළ ආකාරය ජනතාවට වසන් කර ඇති බවට චෝදනා කරමින් නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් සමාජ මාධ්‍යට ලිපියක් එක් කර ඇත.

එම ලිපිය සහ ලිපිය පළ කර තිබූ ආකාරය පහතින් දැක්වේ,

කිතුලේ රා බාන්න ගොස් ජනතාවට කොටුවූ අනුර කුමාර දිසානායක

කෝටි ගානක් දේපළ තියාගන ලෝකෙ පුරා ගොස් ‘මුදලින්’ ආධාර එකතු කරන, තම වත්කම් ප්‍රකාශය ජනතාවට වසන් කරන, එසේම පසුගිය ජනාධිපති මැතිවරණය සදහා ජනතාවගෙන් රැස්කල මහජන මුදල් වියදම් කල අයුරැ ජනතාවගෙන් සම්පූර්ණයෙන් සගවන, හොරකමේද හොරෙන් යන, තමන්ට කියා ආදායම් බදු ලිපි ගොනුවක්වත් නැති අනුර කුමාර දිසානායකට යොමුකල යුතු වැදගත් ප්‍රශ්ණයක් මේ සමග ඔබට යොමුකර ඇත.

මේ සමග පලවන්නේ මොහු පසුගිය ජනාධිපති මැතිවරණයට මහජන මුදල් වියදම් කර ඇති අයුරැ දැක්වෙන වාර්ථාවයි. මහජන මුදල් මිලියන 63 1/2 ක් තමන් ජනාධිපති මැතිවරණයට වියදම් කල බව ගිණුම් වාර්ථාවෙන් මැතිවරණ කොමිසමට ප්‍රකාශ කරන මොහු එම මුදල් කුමන කරැණක් සදහා වියදම් කලේදැයි කිසිම විස්තරයක් මොහු ජනතාවට හෙලි නොකරයි. ඔබටද මෙහි සහතික පිටපතක් මැතිවරණ කොමිසමෙන් ලබාගත හැක. මෙය ඔබ නාගානන්ද ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධ විගනන වාර්ථාව සමග සසදා බැලිය යුතුයි. එහි පිටපතක්ද ඔබට මැතිවරණ කොමිසමෙන් ලබාගත හැක.

කිසිම පුද්ගලයකුගේ දේශපාලන පක්ෂයක වහලකු නොවන්න. මෙසේ ජනාධිපති මැතිවරණයට මහජනයාගෙන් රැස්කල අරමුදල් වියදම් කල අයුරැ සගවන මොහු මෙතනදීද කරන්නේ බරපතළ තක්කඩිකමක් වංචාවකි. ඔබේ මනාපය ඉල්ලන මොහුගෙන් මේ සම්බන්ධව නිර්දය ලෙස ප්‍රශ්ණ කර ජනාධිපති මැතිවරණ වියදම් පිළිබද සම්පූර්ණ විනණන වාර්ථාවක් ජනතාවට ඉදිරිපත් කිරීමට බල කිරීම වහලකු නොවන සෑම පුරවැසියකුගේම වගකීම වන්නේය.

: නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු (මුහුණු පොතින්)

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

6 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

6 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

7 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

1 week ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

1 week ago