ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් රැස් කළ මුදල් වියදම් කළ ආකාරය ජනතාවට වසන් කර ඇති බවට චෝදනා කරමින් නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් සමාජ මාධ්‍යට ලිපියක් එක් කර ඇත.
එම ලිපිය සහ ලිපිය පළ කර තිබූ ආකාරය පහතින් දැක්වේ,
කිතුලේ රා බාන්න ගොස් ජනතාවට කොටුවූ අනුර කුමාර දිසානායක
කෝටි ගානක් දේපළ තියාගන ලෝකෙ පුරා ගොස් ‘මුදලින්’ ආධාර එකතු කරන, තම වත්කම් ප්‍රකාශය ජනතාවට වසන් කරන, එසේම පසුගිය ජනාධිපති මැතිවරණය සදහා ජනතාවගෙන් රැස්කල මහජන මුදල් වියදම් කල අයුරැ ජනතාවගෙන් සම්පූර්ණයෙන් සගවන, හොරකමේද හොරෙන් යන, තමන්ට කියා ආදායම් බදු ලිපි ගොනුවක්වත් නැති අනුර කුමාර දිසානායකට යොමුකල යුතු වැදගත් ප්‍රශ්ණයක් මේ සමග ඔබට යොමුකර ඇත.
මේ සමග පලවන්නේ මොහු පසුගිය ජනාධිපති මැතිවරණයට මහජන මුදල් වියදම් කර ඇති අයුරැ දැක්වෙන වාර්ථාවයි. මහජන මුදල් මිලියන 63 1/2 ක් තමන් ජනාධිපති මැතිවරණයට වියදම් කල බව ගිණුම් වාර්ථාවෙන් මැතිවරණ කොමිසමට ප්‍රකාශ කරන මොහු එම මුදල් කුමන කරැණක් සදහා වියදම් කලේදැයි කිසිම විස්තරයක් මොහු ජනතාවට හෙලි නොකරයි. ඔබටද මෙහි සහතික පිටපතක් මැතිවරණ කොමිසමෙන් ලබාගත හැක. මෙය ඔබ නාගානන්ද ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධ විගනන වාර්ථාව සමග සසදා බැලිය යුතුයි. එහි පිටපතක්ද ඔබට මැතිවරණ කොමිසමෙන් ලබාගත හැක.
කිසිම පුද්ගලයකුගේ දේශපාලන පක්ෂයක වහලකු නොවන්න. මෙසේ ජනාධිපති මැතිවරණයට මහජනයාගෙන් රැස්කල අරමුදල් වියදම් කල අයුරැ සගවන මොහු මෙතනදීද කරන්නේ බරපතළ තක්කඩිකමක් වංචාවකි. ඔබේ මනාපය ඉල්ලන මොහුගෙන් මේ සම්බන්ධව නිර්දය ලෙස ප්‍රශ්ණ කර ජනාධිපති මැතිවරණ වියදම් පිළිබද සම්පූර්ණ විනණන වාර්ථාවක් ජනතාවට ඉදිරිපත් කිරීමට බල කිරීම වහලකු නොවන සෑම පුරවැසියකුගේම වගකීම වන්නේය.
: නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු (මුහුණු පොතින්)
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…