Sunday, April 19, 2026
HomeදේශීයBREAKING NEWS-පාසක්කුවේ යාඥාවයි පාගනමයි නවත්වන්න මීගමු පොලීසිය අධිකරණයට ගිහින්

BREAKING NEWS-පාසක්කුවේ යාඥාවයි පාගනමයි නවත්වන්න මීගමු පොලීසිය අධිකරණයට ගිහින්

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා 21 වනදා පැවැත්වීමට නියමිත පාගමන නැවැත්වීමට නියෝගයක් ඉල්ලා මීගමු පොලීසිය අධිකරණය හමුවට ගොස් ඇති බව සිරිල් ගාමිනී පියතුමන් පවසනවා.

පියතුමන් මේ බව පැවසුවේ අද (20) පැවති මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමින්.

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා අද හවස්වරුවේ පැවැත්වීමට නියමිත යාඥාව සහ මොරගැසීමේ පාගමනත් මීගමුව කටුවපිටියදී පැවැත්වෙන සියලු වැඩසටහන් තහනම් කරන ලෙස පොලිසිය විසින් ඊයේ (19 ) මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තහනම් නියෝගයක් ඉල්ලා ඇති බව පියතුමන් ප්‍රකාශ කළා.

යුක්තිය සාධාරණත්වය ඉල්ලීමට රජය සහ පොලිස් නිලධාරීන් මෙතරම් බියට පත්වීම ගැටලුවක් බව සිරිල් ගාමිනී පියතුමන් මෙහිදී පැවසුවා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   සැබෑ බිරිඳ කවුද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්