Thursday, July 23, 2026
Homeදේශීයආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් (PHOTO)

ආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් (PHOTO)


ආරක්ෂක අමාත්‍යාංශයේ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි .
ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඊයේ දිනය පුරා පැවති මෙම අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග රැසකින් සමන්විත විය.
අනතුරුව පැවති විචිත්‍රවත් නර්ථනාංග නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
අවුරුදු කුමරා, කුමරිය ඇතුළු අවුරුදු ක්‍රීඩා තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරු විසින් සිදු කරනු ලැබූහ.


READ:   ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්