අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරීම සීමා කරමින් රාජ්‍ය අනුමැතියට යටත්ව සීමිත පිරිසකට පමණක් අවාරයේ ශ්‍රීපාද වන්දනාව සඳහා අවස්ථාව ලබා දිය යුතු බව ශ්‍රීපාදස්ථාණාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
ශ්‍රී පාද වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරීමේ විශේෂ පෙරහැර පිළිබඳව ඊයේ (18) පැවති උත්සවයක දී උන්වහන්සේ මේ බව පැවසුවා.
අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන සමහරුන් වන්දනා මාර්ගයේ ජල නළ, වැසිකිළි , අම්බලම් ඇතුළු පොදු පහසුකම් වලට සහ පරිසරයට හානි කර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
විදෙස් සංචාරකයින්ට සහ විශේෂ භාර හාර ඔප්පු කිරීම සඳහා පැමිණෙන පිරිසට පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර ලබා දිය යුතු බව උන්වහන්සේ මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලීම් කර සිටියා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…