දේශීය

ප්‍රධාන රෝහලක හදිසි සැත්කම් නවතී

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් හතරක් වෙත යැවීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර තීරණය කර ඇත.

ඒ අනුව කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙත එම රෝගීන් මාරු කර එවන බව දන්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝහල් හතරේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ අතර, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති නිසා අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් සිදුකළ යුතු රෝගීන් එම රෝහලට එවීමෙන් වළකින්නැයි ද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රත්නපුර, මොනරාගල හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් ද කර ඇත.

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් එවීමෙන් ද වළකින්නැයි වෛද්‍ය බණ්ඩාර එම අධ්‍යක්ෂවරුන් වෙත යැවූ ලිපියෙන් ඉල්ලා තිබේ.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චන්දන කරුණාරත්න ඉකුත් සතියේ එක්සත් රාජධානිය බලා ගොස් ඇත්තේ එහි වෛද්‍යවරයෙකු ලෙස රැකියාව ලැබීම හේතුවෙනි.

අනතුරුව එම තනතුරට තාවකාලිකව අනුයුක්ත කරනු ලැබුයේ විශේෂඥ වෛද්‍ය පුහුණුවට එක්සත් රාජධානිය බලා යාමේ බලාපොරොත්තුවෙන් සිටි වෛද්‍යවරියකි.

ඇය ද එම පුහුණුව සඳහා පසුගිය දා පිටව ගොස් ඇත. මේ හේතුවෙන් අද වන විට එම රෝහලේ සුදුසුකම් ලත් නිර්වින්දන වෛද්‍යවරුන් කිසි‍වකුත් නොමැත.

සුදුසුකම් ලත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති රෝහලක සැත්කම් කළ නොහැකිවාක් මෙන්ම දැඩි සත්කාර ඒකකයක් ද පවත්වාගෙන යා නොහැකි ය.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මේ දිනවල අවුරුදු සමයේ සිදුවන විවිධ අනතුරු හේතුවෙන් ගෙන එන සැත්කම් කළ යුතු තත්ත්වයේ සිටින රෝගීන් හා තුවාලකරුවන් සියලු දෙනා ආසන්න රෝහල්වලට මාරු කර යවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

උපුටා ගැනීම – මව් බිම පුවත්පත

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

9 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago