තමන් අනතුරට ලක් වන විට ගමන් ගත් කැබ් රථය සුඛෝපබෝගී කැබ් රථයක් ලෙස සමහර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණද, කැබ් රථ යනු සුඛෝපබෝගී ඒවා නොවන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
අනතුරට ලක් වීමෙන් පසු අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
තමන් පාවිච්චි කරන්නේ සුඛෝපබෝගී නොවන ඉඩම් වාහන කණ්ඩයට අයිති රථයක් බව අමාත්‍යවරයා පවසනවා.
ආරක්ෂක බඳ පටිය පැළඳ සිටිය නිසා තම ජීවිතය බේරුණු බව අමාත්‍යවරයා පැවසුවා.
රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ගමන් ගන් රථය මාර්ගයෙන් පිටතට පැන ලිස්සායෑමෙන් පසුගියදා අනතුරක් සිදුවුණා.
වෛද්‍යවරුන් තමාට විවේක ගැනීම සඳහා දින අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුන ද විවේකයට වඩා සියලු දෙනා වැඩ කළයුතු කාලයක් පැමිණ ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…