දේශීය

ටීචගේ බයික්එක ඉස්සුව හොරා තවත් බයික් 4ක් එක්ක සිසුවා අල්ලා දෙයි

පාසල් ගුරුවරිකයට අයත්ව තිබූ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සොරකම් කරගෙන ගොස් මුහුණු පොතේ විකිණීමට පළ කර තිබිය දී ඇගේ පන්තියේ සිසුවකු විසින් සොයා දීමට සමත් වීමේ පුවතක් නාරම්මල පොලීසියෙන් වාර්තා වේ.

නාරම්මල ප්‍රදේශයේ ගුරුවරියකට අයත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ස්කූටර් වර්ගයේ යතුරුපැදිය ඇගේ නිවසේ නවතා තිබිය දී පසුගිය දිනයක රාත්‍රියේදී කිසිවකු සොරකම් කරගෙන ගොස් ඒ ආකාරයට මුහුණු පොතේ විකිණීමට දමා තිබී ඇත.

ඇය ඒ සම්බන්ධයෙන් නාරම්මල පොලීසියේ පැමිණිල්ලක් දමා සොරකම් කරන ලද යතුරුපැදිය පිළිබඳ විස්තර තම පන්තියේ සිසුන්ට ද දන්වා එය සොයා ගැනීම සඳහා ඔවුන්ගේ සහාය ද පතා තිබුණා ය. මේ පිළිබඳව අවධානයෙන් පසුවූ එක් සිසුවකු ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මුහුණු පොතේ යතුරුපැදි විකිණීමට පළ කරනු ලබන විස්තර සොයා බලත්දී තම ගුරුවරිය පරිහරණය කළ යතුරුපැදිය හා සමාන යතුරුපැදියක් එක් පිටුවක විකිණීමට දමා ඇති ආකාරය දැක තිබේ.

තම ගුරුවරියට අයත් යතුරුපැදියේ ආසනයේ එක් කොටසක් ඉරී තිබෙන බව දුටු ඔහු දිනක් පාසලේ දී ඒ සම්බන්ධයෙන් ගුරුවරියගෙන් විමසා ඉරී ගොස් ඇති ආසනය සකසා ගන්නා ආකාරය පිළිබඳව ඇය දැනුවත් කර ඇත. මේ මතකය තුළින්ම මුහුණු පොතේ දමා තිබූ යතුරුපැදිය පහසුවෙන් ම හඳුනාගත් සිසුවා එය තම ගුරුවරියට අයත් යතුරුපැදිය බව වටහාගෙන ඇත. පසුව ඒ පිළිබඳව නාරම්මල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. යතුරුපැදිය විකිණීමට මුහුණු පොතේ පළ කර තිබූ දුරකථන අංකයට උපාය දූතයෙකු යොදා ඇමතුමක් ගත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් යතුරුපැදිය මිලදී ගැනීමට කතා කර එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව යතුරුපැදිය පන්නල මාකඳුර ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ආ අවස්ථාවේදී යතුරුපැදිය සමඟ එය රැගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. විකිණීම සඳහා ගෙනා යතුරුපැදිය තම යතුරුපැදිය බවට පැමිණිලිකාර ගුරුවරිය විසින්ද හඳුනාගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඒ ආකාරයට විවිධ ප්‍රදේශවලින් සොරකම් කර තිබූ තවත් යතුරුපැදි 4ක් සොයා ගැනීමට හැකිවී තිබේ. ස්කූටර් වර්ගයේ යතුරුපැදි 2 ක් සහ ගියර් මොඩලයේ යතුරුපැදි 3 ක් සමඟ සොරකමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙයවූ පොලිස් නිලධාරීහූ සමත් වූහ. කටුපොත , නාරම්මල සහ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශවලින් එම යතුරු පැදි සොරාගෙන ඉතා අඩු මිල ගණන්වලට විකුණා තිබූ බව පොලීසිය පවසයි. මේ යතුරුපැදි සියල්ලම අඟුළු නොදා නිවෙස් වල නවතා තිබියදී සොරකම් කරගෙන ගොස් තිබූ බව ද පොලීසිය සඳහන් කළේය.

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් අනුව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජල අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්

සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක් පෙරේරා, අපරාධ විමර්ශන

අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ඒ. . දසනායක මහත්වරුන් ඇතුළු නිලධාරීහූ පිරිසක් විමර්ශන මෙහෙයවූහ.

කුරුණෑගල පුෂ්පකුමාර ජයරත්න

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

10 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

10 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

22 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

23 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

23 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago