පක්ෂ පාට ජාති ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වන්නේ එසේ කළහොත් බවයි.
ජනාධිපතිවරයා පවසන්නේ,
අප වෙහෙසිය යුත්තේ සහ උත්සාහ කළ යුත්තේ, එළඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමට බවයි.
පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹෙද්දී අප මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකට බැවින්, අවුරුදු සැමරීම පසෙකලා එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේ අරගලයකට මැදිව සිටි බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
එහෙත්, මෙම අවුරුද්ද එළඹෙන්නේ අප සැමටම කිසියම් සහනදායී පරිසරයක් උදා කරමින් බව ද, ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…