ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 97 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් අනූහත් දෙනෙකු (97) සාගරයට මුදා හැරීම 2023 අප්‍රේල් මස 11 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් රූපසේන ගේ සහභාගීත්වයෙන් පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.
වඳවී යන සත්ව විශේෂයක් ලෙස සැලකෙන කැස්බෑවන් සංරක්‍ෂණය කර සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යනු ලබන අතර, එමඟින් කැස්බෑ බිත්තර සංරක්‍ෂණය කර ඉන් බිහිවන පැටවුන් ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීම සිදු කෙරේ.
මේ වන විට නාවික හමුදාව විසින් පානම ප්‍රදේශයේ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළ කලාපය ආවරණය වන පරිදි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.
ඒ අනුව, ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය තුල පවත්වා ගෙන යනු ලබන කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර මඟින් බිහිවූ කැස්බෑ පැටවුන් අනූහත් දෙනෙකු (97) සාගරයට මුදාහැරීම මෙලෙස 2023 අප්‍රේල් මස 11 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…