දේශීය

සංරක්‍ෂණය කළ කැස්බෑ පැටවුන් 97 ක් සාගරයට මුදා හරියි (PHOTO)

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 97 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් අනූහත් දෙනෙකු (97) සාගරයට මුදා හැරීම 2023 අප්‍රේල් මස 11 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් රූපසේන ගේ සහභාගීත්වයෙන් පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.

වඳවී යන සත්ව විශේෂයක් ලෙස සැලකෙන කැස්බෑවන් සංරක්‍ෂණය කර සාගර පරිසර පද්ධතියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යනු ලබන අතර, එමඟින් කැස්බෑ බිත්තර සංරක්‍ෂණය කර ඉන් බිහිවන පැටවුන් ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීම සිදු කෙරේ.

මේ වන විට නාවික හමුදාව විසින් පානම ප්‍රදේශයේ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළ කලාපය ආවරණය වන පරිදි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය තුල පවත්වා ගෙන යනු ලබන කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර මඟින් බිහිවූ කැස්බෑ පැටවුන් අනූහත් දෙනෙකු (97) සාගරයට මුදාහැරීම මෙලෙස 2023 අප්‍රේල් මස 11 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

11 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago