හෙට (12) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කළින් දිනයක් හෝ වේලාවක් වෙන්කරගත් සියලු අයදුම්කරුවන් දහවල් 12.00 ට පෙර පැමිණ සිය අයදුම්පත් භාර දෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එ් අනුව, හෙට (12) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ කළින් වේලාවක් හෙට දිනට වෙන්කරගත් අයදුම්කරුවන් වෙත පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා හෙට දිනට වේලාවක් ලබා ගෙන නොමැති අයදුම්කරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…