ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍යයකදී මනාලිය සිය විවාහය සැමරීමට රිවෝල්වරයකින් අහසට වෙඩි තැබීමේ සිදුවීමක් එරට මාධ්‍ය වාර්තා කළේය. එම සිදුවීම අඩංගු වීඩියෝ පටයක ද මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වෙමින් තිබේ.
මනාල යුවල පෝරුවේ අසුන්ගෙන සිටියදී වෙනත් පුද්ගලයකු විසින් මනාලිය අතට රිවෝල්වරයක් දෙන අයුරුත්, ඇය එම රිවෝල්වරය ඉහළට ඔසවා වෙඩි පහර 4ක් එල්ල කරන අයුරුත් එම වීඩියෝ පටයෙන් දැක්වෙයි. ඒ මොහොතේ මනාලයා බියෙන් යුතුව ඉවත බලාගෙන සිටින අයුරු ද එහි දැක්වෙයි. අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් මනාලිය සහ මනාලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද, ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද පොලිසිය සඳහන් කර ඇත. මනාලියට රිවෝල්වරය දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.
එවකට උතුරු ඉන්දියාවේ ඇතැම් පළාත්වල විවාහ මංගලෝත්සව අතරතුර සැමරුම් වෙඩි තැබීම් බහුලව සිදුවූවද, එය අනතුරුදායක තත්ත්වයක් බැවින් එවැනි සිදුවීම් විමර්ශනය කිරීමට 2016 දී උත්තර් ප්‍රදේශ් අධිකරණය පොලිසියට නියෝග කර තිබිණි. එවැනි සැමරුම් වෙඩිතැබීම්වලදී කිසිවකුට අනතුරක් සිදුවූයේ නම් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාට සිර දඬුවම් හෝ දඩයකට යටත් වීමට සිදුවන වරදක් ලෙස හඳුන්වා දී තිබේ.
:දිනමිණ පුවත්පත
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…