දේශීය

උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කණ්ඩායමක්

උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේ ද අධිකාරියේ නිලධාරීන් රාජකාරින් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම , තොග සඟවා තබා ගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සිදුකළ වෙළෙදුන් 1500 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීම් සිදු කර තිබේ.

ඉදිරි දිනයන්හිදි ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන අතර මෙහිදි බිත්තර පිළිබඳව ද වැඩි අවධානනයක් යොමු කරන ලෙස ද සියලු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඊයේ ( 09) කුරුණෑගල, හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරික්ෂා කිරීමේදි වැටලීම් සිදු කිරීම සඳහා නිලධාරීන් කටයුතු කළ අතර ඉදිරි දිනයන්හීද තවදුරටත් වෙලදපළ වැටලීම්වලට සමගාවීම විශේෂයෙන්ම බිත්තර ගොවිපලවල් ද වැටලීම් සඳහා විමර්ශන සදහා නිලධාරින් යොමු කර ඇත.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

14 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

14 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago