දේශීය

කච්චතිව් ඉන්දියාවට ගත්තනම් සේරම ප්‍රශ්න ඉවරයි – තමිල්නාඩු මහ ඇමති

කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පවසා තිබෙනවා.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් භාර දෙමින් බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

එම ලිපිය මගින් එම්.කේ. ස්ටාලින් අවධාරණය කරන්නේ, ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නම් කච්චතිව් ඉන්දියාවට පවරා ගත යුතු බවයි.

පසුගිය 08 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චෙන්නායි නගරයට පැමිණි අවස්ථාවේදී මෙම ලිපිය භාර දී තිබෙනවා.

කච්චතිව් දූපත පිළිබඳව ඉන්දියාවට ඇති ස්‍වෛරී අයිතිය යළි පවරා ගැනීම තුළින් පාරම්පරික ධීවර අයිතිය තමිල්නාඩු ධීවරයන්ට ළඟා කර දිය හැකි බව තමිල්නාඩු මහ ඇමතිවරයා එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago