දේශීය

“ත්‍රස්ත පනතට විරුද්ධ වෙන්නේ ත්‍රස්තවාදින් තමයි ” – අධිකරණ ඇමති

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන ඇතුළත් පනතට එල්ල වූ චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩුකර ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

පවතින ත්‍රස්ත විරෝධී පනත තුළ ඇතුලත් ජනාධිපතිවරයාගේ බලතල මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ පොලිසියට පැවරීමක් ප්‍රතිත්‍රස්ත පනතින් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඇති වූ විරෝධය නිසා ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන ප්‍රතිත්‍රස්ත පනතට නැවත විරෝධය දැක්වීම විමතියට කරුණක් බව ඒ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ අද (09) උදෑසන කෝට්ටේ රජමහ විහාරයේ, දහම්පාසලේ පැවති වාර්ශික ත්‍යාග ප්‍රධන උත්සවයට සහභාගි වෙමින්‍. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
මහතාද එක්ව සිටියා.

අරගලවලට ගිය තරුණ තරුණියන්ට මෙරට උසාවි හරහා දඩුවම් නොකළ ද ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වූ පළමු පුද්ගලයා තවමත් හිරභාරයේ පසු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එසේ නම් ඉන්දියාව, ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍ය වැනි රටවල පවතින පනත් මීටත් වඩා බලවත් ඒවා වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

විස්තර සහිත විඩියෝව පහතින් ,

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

17 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago