දේශීය

“ත්‍රස්ත පනතට විරුද්ධ වෙන්නේ ත්‍රස්තවාදින් තමයි ” – අධිකරණ ඇමති

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන ඇතුළත් පනතට එල්ල වූ චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩුකර ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

පවතින ත්‍රස්ත විරෝධී පනත තුළ ඇතුලත් ජනාධිපතිවරයාගේ බලතල මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ පොලිසියට පැවරීමක් ප්‍රතිත්‍රස්ත පනතින් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඇති වූ විරෝධය නිසා ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන ප්‍රතිත්‍රස්ත පනතට නැවත විරෝධය දැක්වීම විමතියට කරුණක් බව ඒ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ අද (09) උදෑසන කෝට්ටේ රජමහ විහාරයේ, දහම්පාසලේ පැවති වාර්ශික ත්‍යාග ප්‍රධන උත්සවයට සහභාගි වෙමින්‍. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
මහතාද එක්ව සිටියා.

අරගලවලට ගිය තරුණ තරුණියන්ට මෙරට උසාවි හරහා දඩුවම් නොකළ ද ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වූ පළමු පුද්ගලයා තවමත් හිරභාරයේ පසු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එසේ නම් ඉන්දියාව, ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍ය වැනි රටවල පවතින පනත් මීටත් වඩා බලවත් ඒවා වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

විස්තර සහිත විඩියෝව පහතින් ,

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

8 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

9 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago