දේශීය

හිස් අතින් ආපු අයර්ලන්තය ටෙස්ට් කප් එකත් උස්සන් යයිද?

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට සහභාගි වන අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද(09) දිවයිනට පැමිණියා.

දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ලබන 16 වැනිදා ආරම්භ වන අතර දෙවන තරගය ලබන 24 වැනිදා ආරම්භ වෙනවා.

තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

අයර්ලන්තය තවමත් ටෙස්ට් වරම් ලබා නොගත් කණ්ඩායමක්.

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය ටෙස්ට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මේ දිනවල ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පවතින පසුබෑමත් සමග මෙම තරගාවලිය දැඩි තරගකාරී බවක් ගනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් අනාවැකි පළ කරනවා.

ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයේදී සහභාගි වූ ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පරාජයට පත් වූ අතර එහි අවසන් තරගය ඉනිමක දරුණු පරාජයක් ලැබීම විශේෂත්වයක්.

මේ අතර මෙය දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාවට ⁣ටෙස්ට් නායකත්වය ලබාදෙන අවසන් තරගාවලිය ද වීම තවත් විශේෂත්වයක්.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago