මාතලේ, තොටගමුව, වෙල් යාය අසළ සිදු වූ ජීප් රථ අනතුරකින් අවුරුදු 19ක තරුණයෙක් මියගොස් ඇත.
රියැදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.
අනතුරින් ජීප් රථයේ රියැදුරු ඇතුළු තවත් තරුණයින් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගිය තරුණයා මාතලේ, තොටගමුව වත්ත, පලාපත්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් පලාපත්වල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සංවිධානය කර තිබූ සුහද හමුවක් අවසානයේ ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් මාතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



