ලංකාවට එරෙහි T20 තරගාවලිය දැවැන්ත සටනකින් පසු නවසීලන්තය ජය ගනී..
ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.
ඒ, අද(08) පැවති 3වන පන්දුවාර 20යි 20 තරගය අවසන් පන්දුවාරයේදී කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.
ක්වීන්ස්ටවුන් හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව, පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී ළහිරු කුමාර කඩුලු 03ක් සහ මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද මධුෂාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
නවසීලන්ත ඉනිමේ අවසන් පන්දුවාරයේ දී කඩුලු 03ක් අඛණ්ඩව දැවී ගියත් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු උදුරා ගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වීම විශේෂත්වයක්.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…