දේශීය

ත්‍රස්ත විරෝධි පනත ගැන විශේෂ සාකච්ඡාවක්

ත්‍රස්ත විරෝධි පනත පිළිබඳව සාකච්ජා කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍යවරයා හමු වේ.
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් අගතිදායක කරුණු පිළිබඳව බලවත් අවධානය යොමු කර ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇති සිවිල් සමාජ සංවිධාන ගණනාවක නායකත්ව මණ්ඩලයක් අද පෙරවරුවේ දී අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ මහතා හමු වී ඒ පිළිබඳව කරුණු දක්වමින් විශේෂ සාකච්ජාවක නිරත විය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ගරු කරු ජයසූරිය මහතා සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් රැසක් සමඟ පසුගිය සති කිහිපය තුළ සිදුකර ඇති සාකච්ජාවන්හි දි බලවත් අවධානයට ලක් වූ කරුණු රැසක් පදනම් කරගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාව ලබා දී තිබුණි.

මෙම සාකච්ජාවේදි විශේෂයෙන් ම අවධානයට ලක් වූයේ පනතේ ඇතැම් විධිවිධාන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මහජනතාවගේ අයිතිවාසිකම්වලට එල්ල විය හැකි තර්ජනයන් පිළිඳවය. එමෙන් ම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවට පැහැදිලි සාධක පවතින ඇතැම් බලධරයන් වෙත ප්‍රශ්න කිරීමට නොහැකි අන්දමේ අධික බලතල ලබා දීම තුළ මෙම පනතේ විධිවිධාන අවභාවිතා කිරීමට හැකි විභවයක් නිර්මාණය වී තිබීම පිළිබඳවද එම නියෝජිත පිරිස ගරු අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි.
එමෙන්ම වෘත්තීය සමිති හා මාධ්‍ය නිදහස පිළිබව සැළකීමේදී අවධානයට යොමු විය යුතු කරුණු ගණනාවක් පිළිබවද එහිදි සාකච්ජාවට ලක් විය.‍

මෙම සාකච්ජාවේදී මතු වූ කරුණු පිළිබව තම අවධානය යොමු කරන බව පැවසු ගරු අමාත්‍යවරයා අවසන් තීරණය ගනු ලබන්නේ සියළු පාර්ශවයන්ට සවන්දීමෙන් පසුව වන බව සඳහන් කරන ලදි.
ගරු අමාත්‍යවරයා සමග සිදුකරන ලද මෙම සාකච්ජාවට මහාචාර්ය රොහාන් සමරජීව,ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාවේඩ් යූසුෆ්, ආචාර්ය ජෙහාන් පෙරේරා,ආචාර්ය නිමල්කා පුනාන්දු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ලසන්ත ද සිල්වා, නීතීඥ අකලංක හෙට්ටිආරච්චී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

සුනිල් ජයසේකර
ප්‍රධාන ලේකම්,
සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

15 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

15 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

1 day ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 day ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 day ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago