දේශීය

ත්‍රස්ත විරෝධි පනත ගැන විශේෂ සාකච්ඡාවක්

ත්‍රස්ත විරෝධි පනත පිළිබඳව සාකච්ජා කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍යවරයා හමු වේ.
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් අගතිදායක කරුණු පිළිබඳව බලවත් අවධානය යොමු කර ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇති සිවිල් සමාජ සංවිධාන ගණනාවක නායකත්ව මණ්ඩලයක් අද පෙරවරුවේ දී අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ මහතා හමු වී ඒ පිළිබඳව කරුණු දක්වමින් විශේෂ සාකච්ජාවක නිරත විය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ගරු කරු ජයසූරිය මහතා සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් රැසක් සමඟ පසුගිය සති කිහිපය තුළ සිදුකර ඇති සාකච්ජාවන්හි දි බලවත් අවධානයට ලක් වූ කරුණු රැසක් පදනම් කරගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාව ලබා දී තිබුණි.

මෙම සාකච්ජාවේදි විශේෂයෙන් ම අවධානයට ලක් වූයේ පනතේ ඇතැම් විධිවිධාන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මහජනතාවගේ අයිතිවාසිකම්වලට එල්ල විය හැකි තර්ජනයන් පිළිඳවය. එමෙන් ම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවට පැහැදිලි සාධක පවතින ඇතැම් බලධරයන් වෙත ප්‍රශ්න කිරීමට නොහැකි අන්දමේ අධික බලතල ලබා දීම තුළ මෙම පනතේ විධිවිධාන අවභාවිතා කිරීමට හැකි විභවයක් නිර්මාණය වී තිබීම පිළිබඳවද එම නියෝජිත පිරිස ගරු අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි.
එමෙන්ම වෘත්තීය සමිති හා මාධ්‍ය නිදහස පිළිබව සැළකීමේදී අවධානයට යොමු විය යුතු කරුණු ගණනාවක් පිළිබවද එහිදි සාකච්ජාවට ලක් විය.‍

මෙම සාකච්ජාවේදී මතු වූ කරුණු පිළිබව තම අවධානය යොමු කරන බව පැවසු ගරු අමාත්‍යවරයා අවසන් තීරණය ගනු ලබන්නේ සියළු පාර්ශවයන්ට සවන්දීමෙන් පසුව වන බව සඳහන් කරන ලදි.
ගරු අමාත්‍යවරයා සමග සිදුකරන ලද මෙම සාකච්ජාවට මහාචාර්ය රොහාන් සමරජීව,ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාවේඩ් යූසුෆ්, ආචාර්ය ජෙහාන් පෙරේරා,ආචාර්ය නිමල්කා පුනාන්දු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ලසන්ත ද සිල්වා, නීතීඥ අකලංක හෙට්ටිආරච්චී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

සුනිල් ජයසේකර
ප්‍රධාන ලේකම්,
සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

26 mins ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

24 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago