දේශීය

උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (06) පස්වරුවේ කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය ඇතුළු පදික වෙළෙඳ සංගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ය.
එහිදී පදික වෙළෙඳුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ සාගල රත්නායක මහතා ඔවුන්ගේ ගැටලුවලට සවන්දෙමින් පදික ජනතාවට අපහසුවක් නොවන අයුරින් ඒවා විසඳාදීමට එකඟ විය.
එසේම පදික වෙළෙඳුන්ගේ ගැටළු පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත් ඒවාට නිසි විසඳුම් ලබාදීමට කමිටුවක් පත්කරන බවත් සාගල රත්නායක මහතා එහිදී පැවසීය.
සාගල රත්නායක මහතා, පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරමින් පදික වෙළෙඳුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට ඒ අවස්ථාවේදී ම විසඳුම් ලබා දීමට ද පියවර ගත්තේය.
පදික වෙළෙඳුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් පදික වෙළෙඳුන් සදහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු විය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

:රජයේ මාධ්‍ය අංශය

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago