දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයට ගොස් පරීක්ෂණ කිරීමට මීපා සහ නාරා ආයතන එක්ව පහසුකම් සලසන්න – ආංශික අධීක්ෂණ කාරක සභාව

• නඩු පැවරීම පිළිබද අවසන් තීරණය ගැනීම සදහා අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්

2021 වසරේ මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉතිරිවී ඇති කොටස් ආසන්නයට ගොස්, හානිපූර්ණය ගණනය කිරීම සදහා සාම්පල ලබා ගැනීමට, අදාළ විද්වත් පර්යේෂණ කමිටුවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා පසුගියදා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (නාරා) දැනුම් දුන්නේය.

පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.04.04 දින පැවැති මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, අධිකරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරු ද එක්වූහ. එසේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමේ නියෝජිතයන්ද (P & I Club), පරිසර ඇතුළු හානිය තක්සේරු කිරීම සදහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන්, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීහු ද පරිසරවේදීහු පිරිසක් ද මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

පරිසර හා අනෙකුත් හානි පූර්ණය ගණනය සදහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නේ නැව අසලටම හෝ නැව තුළට යාම නොහැකිවීමෙන් පරිසර හානිය තක්සේරු කිරීමට යම් බාධාවන් ඇති වූ බවයි. අනතුරු බව පෙන්වා දෙමින් නැව අසලට යාම වැළැක්වූවද ඒ සදහා නාවික හා ගුවන් හමුදාවල සහය ලබාගෙන පහසුකම් සැලසීමට කටයුතු කළ යුතුව තිබූ බවද විද්වත් කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ. මේ අනුව නැව ආසන්නයෙන්ම මෙම සාම්පල ලබා ගැනීමට නොහැකිවීම වන්දි ඉල්ලා පවරන නඩුවේදී අවාසි සහගතවීමට ඉඩ ඇති බැවින් මෙම කටයුතු කඩිනමින් සලසන ලෙස කමිටු සභාපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ නාරා ආයතනයට උපදෙස් දුන්නේය.

අදාළ නෞකාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. නඩු පැවරීම සදහා තවදුරටත් ඉතිරිව ඇත්තේ දින 45 ක කාලයක් පමණක් බවත්, මේ වන විට කැබිනට් අනුමතිය හිමිවී ඇති පරිදි නඩු පැවරීම සිංගප්පූරුවේ සිදු කිරී‍ම අවාසි සහගත බවටත් මෙහිදී පරිසරවේදීහු ඇතුළු නීතීඥවරු පිරිසක් කරුණු දැක්වූහ. මේවන විට අනතුරට අදාළව ඇ.ඩො බිලියන 6.2 ක වන්දි මුදලක් ලබා ගැනීමට අදාළ විද්වත් කමිටු වාර්තාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බවත්, නඩුපැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකළයුතු බවත් මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා පැවසීය.

මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පවසා සිටියේ එම වාර්තාව ඇසුරින් අදාළ වන්දි මුදල් ලබා ගැනීම සදහා නඩු පැවරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බවයි.

මේඅනුව නඩු පැවරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සදහා අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් 2023.04.06 වන දින පැවැත්වීමටත්, නීතිපතිවරයා ඇතුළු අදාළ නීතිඥවරුන් මේ සදහා සහභාගී වීමටත් මෙහිදී තීරණය විය.

එසේම මෙම සිද්ධියට අදාළ වන්දි අයකරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය සදහා අදාළ පාර්ශ්ව සමග පරිසර කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව නැවතත් අප්‍රේල් 25 වැනිදා රැස්වීමටත් මෙහිදී තීරණය විය.

රාජ්‍ය අමාත්‍ය ගරු අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අකිල එල්ලාවල, ගරු වරුණ ලියනගේ, ගරු නාලක බණ්ඩාර කෝට්ටගොඩ, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

:පාර්ලිමේන්තු මාධ්‍ය අංශය

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

18 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

18 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago