පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වැටුප් රහිත නිවාඩු ලබා දී ඇති රජයේ සේවකයන් සඳහා මූලික වැටුප් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
3,000ක් පමණ වන රාජ්‍ය නිලධාරින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී ඇති අතර ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට අනුව ඔවුන්ට ඒ වෙනුවන් වැටුප් රහිත නිවාඩු ලබා දී තිබුණද, මැතිවරණය කල් දමා තිබීම හේතුවෙන් ආර්ථික වශයෙන් පත් වන අපහසුතාවය සලකා ඔවුන්ට වැටුප් ගෙවීමට තීරණය කළ බව රජය නිවේදනය කරනවා.
එම වැටුප් ගෙවීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
ඒ අනුව එම රජයේ නිලධාරින්ට 2023 – 03-09 සිට 2023 – 04 – 25 දක්වා දිනවලට ආදාළ මූලික වැටුප් ගෙවීමට නියමිතයි.
අදාළ කැබිනට් නිවේදනය පහතින්,
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…