දේශීය

සාජන්ගේ දුරකථනය ඉස්සූ කොස්තාපල් රිමාන්ඩ්

මරදානේ දසමහල් භට නිවාසයේ නවාතැන් ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකුගේ ජංගම දුරකතනයක් සොරාගෙන, එය ජංගම දුරකතන වෙළෙඳසලකට අලෙවි කළ බම්බලපිටිය පොලිසියට අනුයුක්තව තානාපති ආරක්ෂක කෙට්ඨාසයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු මරදාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පොලිස් කොස්තාපල්වරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණට හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට හෙට (4) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම නිලධාරියා කළ මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (2) සඳහන් කළේය.

මෙම සොරකම සිදුව ඇත්තේ පෙබරවාරි 23 දාය. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයා විසින් මරදාන පොලිසියට පැමිණිල්ලක්ද කර තිබී ඇත.

මෙම දුරකතනයට අදාළ එමි අංකය ඔස්සේ වාර්තාවක් ලබා ගැනීමේදී දුරකතනය ඒ වන විට කොළඹ තරු පන්තියේ හෝටල් සේවකයකු විසින් වෙනත් සිම්පතක් යොදා භාවිතා කරන බව අනාවරණය වී තිබේ. ඒ අනුව පොලිසිය එම සේවකයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ බම්බලපිටියේ පිහිටි දුරකතන අලෙවි ස්ථානයකින් තමා මෙම දුරකතනය මිල දී ගත් බවයි. ඒ අනුව පොලිසිය එම වෙළෙඳසලේ සේවිකාවකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එහිදී ඇය පවසා ඇත්තේ පොලිස් නිලධාරියකු විසින් එම දුරකතනය සිය වෙළෙඳසලට රැගෙන විත් අලෙවි කළ බවයි. පොලිස් නිලධාරියකු විසින් දුරකතනය රැගෙන ආ බැවින් මිල දී ගත් බවද ඇය පොලිසියට පවසා ඇත.

ඇගේ තොරතුරු මත අදාළ නිලධාරියා හඳුනාගැනීමට මරදාන පොලිසියේ නිලධාරීන්ට හැකි වී තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ තානාපති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරන එකී නිලධාරියාත් මරදාන පොලිස් භූමියේ පිහිටි දසමහල් පොලිස් බැරැක්කයේ නවාතැන් ගෙන සිටින අයකු බවයි. ඒ අනුව පසුගිය 31 දා ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ බැරක්කයේදී මෙම සොරකම ඔහු විසින් සිදු කර ඇති බවයි. මෙම නිලධාරියා අධික ලෙස මත්පැන් භාවිතයට ඇබ්බැහි වී සිටින බවති, මත්පැන් පානය කිරීමට මුදල් සොයා ගැනීමට මෙවැනි සොරකම් ඔහු විසින් සිදු කරන බවත් විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

ගයාන් කුමාර වීරසිංහ

:උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

8 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

8 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago