මරදානේ දසමහල් භට නිවාසයේ නවාතැන් ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකුගේ ජංගම දුරකතනයක් සොරාගෙන, එය ජංගම දුරකතන වෙළෙඳසලකට අලෙවි කළ බම්බලපිටිය පොලිසියට අනුයුක්තව තානාපති ආරක්ෂක කෙට්ඨාසයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු මරදාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පොලිස් කොස්තාපල්වරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණට හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට හෙට (4) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම නිලධාරියා කළ මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (2) සඳහන් කළේය.
මෙම සොරකම සිදුව ඇත්තේ පෙබරවාරි 23 දාය. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයා විසින් මරදාන පොලිසියට පැමිණිල්ලක්ද කර තිබී ඇත.
මෙම දුරකතනයට අදාළ එමි අංකය ඔස්සේ වාර්තාවක් ලබා ගැනීමේදී දුරකතනය ඒ වන විට කොළඹ තරු පන්තියේ හෝටල් සේවකයකු විසින් වෙනත් සිම්පතක් යොදා භාවිතා කරන බව අනාවරණය වී තිබේ. ඒ අනුව පොලිසිය එම සේවකයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ බම්බලපිටියේ පිහිටි දුරකතන අලෙවි ස්ථානයකින් තමා මෙම දුරකතනය මිල දී ගත් බවයි. ඒ අනුව පොලිසිය එම වෙළෙඳසලේ සේවිකාවකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එහිදී ඇය පවසා ඇත්තේ පොලිස් නිලධාරියකු විසින් එම දුරකතනය සිය වෙළෙඳසලට රැගෙන විත් අලෙවි කළ බවයි. පොලිස් නිලධාරියකු විසින් දුරකතනය රැගෙන ආ බැවින් මිල දී ගත් බවද ඇය පොලිසියට පවසා ඇත.
ඇගේ තොරතුරු මත අදාළ නිලධාරියා හඳුනාගැනීමට මරදාන පොලිසියේ නිලධාරීන්ට හැකි වී තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ තානාපති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරන එකී නිලධාරියාත් මරදාන පොලිස් භූමියේ පිහිටි දසමහල් පොලිස් බැරැක්කයේ නවාතැන් ගෙන සිටින අයකු බවයි. ඒ අනුව පසුගිය 31 දා ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ බැරක්කයේදී මෙම සොරකම ඔහු විසින් සිදු කර ඇති බවයි. මෙම නිලධාරියා අධික ලෙස මත්පැන් භාවිතයට ඇබ්බැහි වී සිටින බවති, මත්පැන් පානය කිරීමට මුදල් සොයා ගැනීමට මෙවැනි සොරකම් ඔහු විසින් සිදු කරන බවත් විමර්ශනවලදී පෙනී ගොස් ඇත.
ගයාන් කුමාර වීරසිංහ
:උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…