රාජ්‍ය ආයතන හතරක සේවය කරමින් වැටුප් හතරක් ලබා ගන්නා පුද්ගලයෙකු පිළිබඳ පුවතක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත සංවර්ධන නිලධාරිවරයෙකු ලෙස සේවය කරන මොහු වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ මනම්පිටිය වැලිතොටුපළේ ඉහළ නිලධරියෙකු ලෙසත් සේවය කරන බව සඳහන් වෙනවා.
ඔහු අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රු.52,000ක වැටුපක්, පාර්ලිමේන්තු ලේකම් සම්බන්ධිකරණ නිලධාරියා වශයෙන් රු,42,000ක වැටුපක් මනම්පිටිය වැලිතොටුපොළෙන් – රු.60,000ක් සහ රථ වාහන දීමනාව ලෙස රු.50,000ක වැටුපක් ලබන බව වාර්තා වෙනවා.
ආයතන සංග්‍රහයට අනුව යම් රාජ්‍ය සේවයකයෙකු තවත් රාජ්‍ය ආයනයක සේවය කරනවා නම් එක් ආයතනයක වැටුප පමණක් ඔහුට හිමි වේ. ඒ ඔහු සේවයකරන රාජ්‍ය ආයතනයනවල වැඩිම වැටුපක් ලබා දෙන ආයතනයේ වැටුප පමණකි.
මූලාශ්‍රය: මව්බිම පුවත්පත
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…