දේශීය

අපේ රටේ ගොඩක් පිරිමින්ට ලිංගික අසහනය සම්බන්ද රෝගී ත්ත්වයක් තියෙනවා

මං හැමදාම කොළඹ ඇවිත් ගෙදර යන්න බස් එකක ඉදගත්ත හැමදවසකම මේ වෙනකන් මං ලග ඉදගත්ත 99% ක්ම පිරිමි මට ව. ද දීලා තියෙනවා..මං මේක ලියන්නෙත් එහෙම අවස්තාවක ඉඳන්..

මේ වෙනකන් මට උන එහෙම අවස්තා මං කල්පනා කරල බැලුවා..සමහර අය කරන්නෙ අත් දෙක පපුවෙ බැදගෙන නිදි වගේ රගපාන ගමන් වැලමිටෙන් පපුවට තද කරන එක..වැලමිටකින් පපුවට අ. නිනකොට ඇතිවෙන වේ. දනාව අපසන්නතාව අමුතුවෙන් කියන්න ඕනී නෑනේ..එහෙම නැත්නම් ඒ බැදන් ඉන්න යටි අතින් බස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ට පේන්නැතිවෙන්න කොනි. ත්තනවා..නැත්නම් හූර නවා..අපිට නින්ද යනකන් ඉදල බල්වුස් එක යටින් අත දාන්න හදනවා..පිටිපස්සෙ සීට් එකේ ඉන්න එකත් වෙලාවකට ජනේලේ අයිනෙන් අත දාලා පිට හූරන්න හදනවා..එහෙම නැත්නම් කලවා උඩ අත තියාගන්න හදනවා..නැත්නම් කකුල අපේ කකුලට හේත්තු කරගන්න හදනවා..මේ හැමදෙයක්ම මං විඳල තියෙන අත්දැකිම් අනුව කියන්නෙ.

මං ඒවගේ ඒවා සිද්ද වෙනකොට බ. යේ ගැහි ගැහී ඔනී දෙයක් කරගන්න කවදාවත් ඉද දීලා නිකන් ඉන්නෙ නෑ..මං මේ වෙනකොට 119 කෝල් කරල ඉන්න බස් එකේ අන්කෙ එයාලට කියල පොලීසිය බස් එකට ගෙන්නගෙන සමහරක් බාර දීලාත් තියෙනව..එක්කෙනෙකුට කුඩෙන් ගහල තියෙනව..අනිත් ගොඩක් අවස්තාවල කරේ මන් බස් එකේ නැගිටලා කෑ ගහල ඒ ජරා සතාට බනින එක..එතකොට ගොඩක් අය කරේ සුටුස් ගාලා යන බස් එකෙන්ම පැනපු එක..

ඉතින් මේ දැනුත් එහෙම එකෙක්..මේ සතා හොදට රග පානවා නිදි වගේ..ඔඩොක්කුවේ ස්කූල් බෑග් එකක් එයාගේ..අත් දෙක පපුවෙ බැදගෙන නිදි..ඒ උනාට වැලමිටෙන් මගේ පපුවට ත. ද කරනවා..මම බ. නින්න කලින් හොදට බලනව මේ මනුස්සයා මේ නිදි මතින්ද මේක කරන්නෙ හොද සිහියෙන්ද කියල..අත තල්ලු කරලා බෑග් එකෙන් මන් පපුව cover කරගන්නකොට හිමීට බඩේ ගෑවෙන්න වැලමිට තියාගන්න හදනවා..

මට හිතාගන්න බෑ බස් එකේ හැමදාම මට මෙහෙම පිරිමි හම්බෙන්නෙ ඇයි කියල..ඒක හරිම වේ.. දනාවක්.. පිලිකුලක්..මේක මගේ ප්‍රශ්නයක්ද කියලත් හිතුවා..ඇඳුමෙ අවුලක්ද හිතුවා..නෑ එහෙම වෙන්න බෑ..මං දුර තනියම යන නිසා සංවර ඇඳුම් අදින්නෙ

මං අද මේ මනුස්සයට බ. නින්න ගියේ නෑ..කුඩෙන් ගහන්න ගියෙත් නෑ..මන් කිවුවා

” බලන්න ඔයාගේ අත කොහෙද තියෙන්නෙ කියල..බලන්න මං කොච්චර හිරවෙලාද යන්නෙ..හැබැයි මං මගේ බෑග් ඔක්කොමත් ඔඩොක්කුවේ තියන් ආවත් මං මගේ අත් ඔයාගේ ඇගේ ගෑවෙන විදියට ඔයාට කරදර විදියට තියන් ආවේ නෑ..හැබැයි ඔයාට තේරෙනවද ඔයා මේ කරන වැඩෙන් මට යන්න කොච්චර අ. මාරුද කියල..බස් එකේ යද්දි ඔහොම කරන්න එපා කිවුවා..”

ඒ ස. තාට මං කියන එක තේරුනා..අත් දෙක එහාට කරගත්තා ඊටපස්සෙ.ඒ උනාට වෙන මිනිස්සු වගේ නැගිටලා ගියේ නෑ..ඒත් මන් ගාව ඉදන් හිටියා..එතකොටනම් මට බය හිතුනා..පි. හි. යක් වගේ එකක් ලග තිබ්බොත් ඇ. න. ලා යයිද කියලත් හිතුනා..ඒ නිසා හිටන් හිටපු කෙනෙක්ට සීට් එක දීලා මං නැගිටින්න හැදුවා..එතකොටම මේ ජරා සතා බයවෙලා වගේ ඉක්මන්ට නැගිටලා පිටිපස්සට ගියා..

මම නම් කියන්නෙ අපේ රටේ ගොඩක් පිරිමින්ට ලිං ගික අසහනය තියෙනවා.මොකක් හෝ ඒ සම්බන්ද රෝගී ත්ත්වයන් ඉතාම ද. රුනු විදියට තියෙනවා.ඒ ගොඩක් අය තරුන කොල්ලො නෙවෙයි..මැදිවියේ ඉන්න අය..
මේක ගැහැණු ළමයෙක්ට තනියෙම ගමනක් ගිහින් එන්න පුලුවන් රටක් නෙවෙයි..කොහෙත්ම එහෙම රටක් නෙවෙයි මේක..

ඔබ තව දුරටත් පොදු ප්‍රවාහනය තුල ගෑනුන්ට ජැක්ග. හන ජැකී ජැන්ලා හමුවේ නිහඩව නිරුත්තරව සිටිනව ද? තීරණය ඔබේ අතේ..

:සටහන මුහුණු පොතින්

Recent Posts

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 mins ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

10 mins ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

42 mins ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

2 hours ago

කුසලාන ප්‍රදානය ගැන ප්‍රශ්නයකට චමරිගෙන් තියුණු පිළිතුරක්

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…

3 hours ago

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago