දේශීය

අපේ රටේ ගොඩක් පිරිමින්ට ලිංගික අසහනය සම්බන්ද රෝගී ත්ත්වයක් තියෙනවා

මං හැමදාම කොළඹ ඇවිත් ගෙදර යන්න බස් එකක ඉදගත්ත හැමදවසකම මේ වෙනකන් මං ලග ඉදගත්ත 99% ක්ම පිරිමි මට ව. ද දීලා තියෙනවා..මං මේක ලියන්නෙත් එහෙම අවස්තාවක ඉඳන්..

මේ වෙනකන් මට උන එහෙම අවස්තා මං කල්පනා කරල බැලුවා..සමහර අය කරන්නෙ අත් දෙක පපුවෙ බැදගෙන නිදි වගේ රගපාන ගමන් වැලමිටෙන් පපුවට තද කරන එක..වැලමිටකින් පපුවට අ. නිනකොට ඇතිවෙන වේ. දනාව අපසන්නතාව අමුතුවෙන් කියන්න ඕනී නෑනේ..එහෙම නැත්නම් ඒ බැදන් ඉන්න යටි අතින් බස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ට පේන්නැතිවෙන්න කොනි. ත්තනවා..නැත්නම් හූර නවා..අපිට නින්ද යනකන් ඉදල බල්වුස් එක යටින් අත දාන්න හදනවා..පිටිපස්සෙ සීට් එකේ ඉන්න එකත් වෙලාවකට ජනේලේ අයිනෙන් අත දාලා පිට හූරන්න හදනවා..එහෙම නැත්නම් කලවා උඩ අත තියාගන්න හදනවා..නැත්නම් කකුල අපේ කකුලට හේත්තු කරගන්න හදනවා..මේ හැමදෙයක්ම මං විඳල තියෙන අත්දැකිම් අනුව කියන්නෙ.

මං ඒවගේ ඒවා සිද්ද වෙනකොට බ. යේ ගැහි ගැහී ඔනී දෙයක් කරගන්න කවදාවත් ඉද දීලා නිකන් ඉන්නෙ නෑ..මං මේ වෙනකොට 119 කෝල් කරල ඉන්න බස් එකේ අන්කෙ එයාලට කියල පොලීසිය බස් එකට ගෙන්නගෙන සමහරක් බාර දීලාත් තියෙනව..එක්කෙනෙකුට කුඩෙන් ගහල තියෙනව..අනිත් ගොඩක් අවස්තාවල කරේ මන් බස් එකේ නැගිටලා කෑ ගහල ඒ ජරා සතාට බනින එක..එතකොට ගොඩක් අය කරේ සුටුස් ගාලා යන බස් එකෙන්ම පැනපු එක..

ඉතින් මේ දැනුත් එහෙම එකෙක්..මේ සතා හොදට රග පානවා නිදි වගේ..ඔඩොක්කුවේ ස්කූල් බෑග් එකක් එයාගේ..අත් දෙක පපුවෙ බැදගෙන නිදි..ඒ උනාට වැලමිටෙන් මගේ පපුවට ත. ද කරනවා..මම බ. නින්න කලින් හොදට බලනව මේ මනුස්සයා මේ නිදි මතින්ද මේක කරන්නෙ හොද සිහියෙන්ද කියල..අත තල්ලු කරලා බෑග් එකෙන් මන් පපුව cover කරගන්නකොට හිමීට බඩේ ගෑවෙන්න වැලමිට තියාගන්න හදනවා..

මට හිතාගන්න බෑ බස් එකේ හැමදාම මට මෙහෙම පිරිමි හම්බෙන්නෙ ඇයි කියල..ඒක හරිම වේ.. දනාවක්.. පිලිකුලක්..මේක මගේ ප්‍රශ්නයක්ද කියලත් හිතුවා..ඇඳුමෙ අවුලක්ද හිතුවා..නෑ එහෙම වෙන්න බෑ..මං දුර තනියම යන නිසා සංවර ඇඳුම් අදින්නෙ

මං අද මේ මනුස්සයට බ. නින්න ගියේ නෑ..කුඩෙන් ගහන්න ගියෙත් නෑ..මන් කිවුවා

” බලන්න ඔයාගේ අත කොහෙද තියෙන්නෙ කියල..බලන්න මං කොච්චර හිරවෙලාද යන්නෙ..හැබැයි මං මගේ බෑග් ඔක්කොමත් ඔඩොක්කුවේ තියන් ආවත් මං මගේ අත් ඔයාගේ ඇගේ ගෑවෙන විදියට ඔයාට කරදර විදියට තියන් ආවේ නෑ..හැබැයි ඔයාට තේරෙනවද ඔයා මේ කරන වැඩෙන් මට යන්න කොච්චර අ. මාරුද කියල..බස් එකේ යද්දි ඔහොම කරන්න එපා කිවුවා..”

ඒ ස. තාට මං කියන එක තේරුනා..අත් දෙක එහාට කරගත්තා ඊටපස්සෙ.ඒ උනාට වෙන මිනිස්සු වගේ නැගිටලා ගියේ නෑ..ඒත් මන් ගාව ඉදන් හිටියා..එතකොටනම් මට බය හිතුනා..පි. හි. යක් වගේ එකක් ලග තිබ්බොත් ඇ. න. ලා යයිද කියලත් හිතුනා..ඒ නිසා හිටන් හිටපු කෙනෙක්ට සීට් එක දීලා මං නැගිටින්න හැදුවා..එතකොටම මේ ජරා සතා බයවෙලා වගේ ඉක්මන්ට නැගිටලා පිටිපස්සට ගියා..

මම නම් කියන්නෙ අපේ රටේ ගොඩක් පිරිමින්ට ලිං ගික අසහනය තියෙනවා.මොකක් හෝ ඒ සම්බන්ද රෝගී ත්ත්වයන් ඉතාම ද. රුනු විදියට තියෙනවා.ඒ ගොඩක් අය තරුන කොල්ලො නෙවෙයි..මැදිවියේ ඉන්න අය..
මේක ගැහැණු ළමයෙක්ට තනියෙම ගමනක් ගිහින් එන්න පුලුවන් රටක් නෙවෙයි..කොහෙත්ම එහෙම රටක් නෙවෙයි මේක..

ඔබ තව දුරටත් පොදු ප්‍රවාහනය තුල ගෑනුන්ට ජැක්ග. හන ජැකී ජැන්ලා හමුවේ නිහඩව නිරුත්තරව සිටිනව ද? තීරණය ඔබේ අතේ..

:සටහන මුහුණු පොතින්

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago