මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (01) දිනයේ දී සිදු කරන බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා පවසනවා.
දේහය රැගත් අවමංගල පෙරහැර එදින උදෑසන 8.30ට ඒ මහතාගේ නිවසින් සෞන්දර්ය විශ්වවිද්‍යාලය දක්වා ගමන් කර දහවල් 12.30 පමණ විශ්වවිද්‍යාලයෙන් ගුවන් විදුලි සංස්ථාව දක්වා දේහය රැගෙන යන බව ඔහු පැවසුවා.
ගුවන් විදුලි සංස්ථාවෙන් සවස 3.00ට දේහය බොරැල්ල පොදු සුසානයට ගෙන ඒමෙන් අනතුරුව ආගමික කටයුතු සහ අනෙකුත් සියලු කටයුතු සිදුකර සවස 5.30ට පමණ එතුමා දැයෙන් සමුගැනීමට නියමිත බව ජානක වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ඉකුත් 28 වනදා අභාවප්‍රාප්ත වන විට සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරි මහතා අසූ එක් වන වියෙහි පසුවුණා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…