දේශීය

සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය දැනුම් දෙයි (VIDEO)

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (01) දිනයේ දී සිදු කරන බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා පවසනවා.

දේහය රැගත් අවමංගල පෙරහැර එදින උදෑසන 8.30ට ඒ මහතාගේ නිවසින් සෞන්දර්ය විශ්වවිද්‍යාලය දක්වා ගමන් කර දහවල් 12.30 පමණ විශ්වවිද්‍යාලයෙන් ගුවන් විදුලි සංස්ථාව දක්වා දේහය රැගෙන යන බව ඔහු පැවසුවා.

ගුවන් විදුලි සංස්ථාවෙන් සවස 3.00ට දේහය බොරැල්ල පොදු සුසානයට ගෙන ඒමෙන් අනතුරුව ආගමික කටයුතු සහ අනෙකුත් සියලු කටයුතු සිදුකර සවස 5.30ට පමණ එතුමා දැයෙන් සමුගැනීමට නියමිත බව ජානක වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඉකුත් 28 වනදා අභාවප්‍රාප්ත වන විට සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරි මහතා අසූ එක් වන වියෙහි පසුවුණා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

7 days ago